දිනසේන රතුගමගේ –
මුලතිව් මහෙස්ත්‍රාත්වරයාගේ නාමයට හා නඩු තීන්දුවකට අගරු වන අන්දමට පාර්ලිමේන්තුව තුළ ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදු කිරීම තුළ සරත් වීරසේකර අමාත්‍යවරයා අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක් කළේ යැයි කියමින් උතුරේ නීතිඥවරු අද (25) දහවල් අධිකරණ ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.මෙම විරෝධතා යාපනය කිළිනොච්චිය මන්නාරම මුලතිව් හා වවුනියාව යන පළත්වල අධිකරණ සංකීර්ණ ඉදිරිපිටදී පැවැත්වුණි.
සරත් විරසේකර අමාත්‍යවරයෙකු වූවත් ඔහු අධිකරණ තීන්දුවට හිස නැමිය යුතු බවත් මුලතිව් අධිකරණයෙන් ලබා දුන් යම් තීන්දුවක් වැරදි සහගත නම් ශ්‍රී ලංකාවේ නීතියේ හැටියට වෙනත් අධිකරණයක පිහිට පතමින් මුල් නඩු තීන්දුව අභියෝගයකට ලක් කළ හැකි බවත් විරෝධතාවයේ නිරත වූ උතුරේ නීතිඥවරු කියා සිටියහ.
පෙරවරු කාලයේ පැය එකහමාරක් පමණ පැවති මෙම විරෝධතා පැවති කාලය තුළ උතුරේ සියළුම තලයේ අධිකරණවලට අයත් නඩු විමසීම් සම්පූර්ණයෙන්ම පාහේ නතර වී තිබුණි.