අද දිනය තුල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 03 දෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මෙසේ කොවිඩ් ආසාදිතව සිටිති.
මේ තිදෙනාගෙන් දිලිප් වෙදආරච්චි සහ සහ රෝහණ දිසානායක පවසා ඇත්තේ තමන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවය.
ආසන්න සතියේ තමන් ආශ්‍රය කළ සියලු දෙනාම නිරෝධායනය වන ලෙස ඔවුහු ස්වකීය සමාජ මාධ්‍ය ගිනුම් ඔස්සේ දන්වා තිබේ.