සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුව කියන තරම් උත්තරීතර නැති හැටි… රෝහිත සරෝජාට සුපිරි උපදෙසක් දෙයි…

by editor
මාර්තු 17, 2025
in පුවත්
SAROJA
Share on FacebookShare on Twitter
  • ඇමතිතුමිය හරිදේ කරන්න… මොන හරි දේ කළත් මඩ කන්න වෙනවාමයි… ඒකට හුරු වෙන්න… පාර්ලිමේන්තු ගර්භය තුළ රතු පලස මත මහා සංඝරත්නයේ රහස්තැන මිරිකපු පාර්ලිමේන්තුව කියන තරම් උත්තරීතර නෑ…

පාර්ලිමේන්තු ගර්භ තුළ ඇති රතු පළස මත දී කලකට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මහා සංඝරත්නයේ රහස් තැනින් ඇල්ලූ ඉතිහාසයක් ඇති මේ පාර්ලිමේන්තුව , කියන තරම් උත්තරීතර නැති බවත්,  මේ අසුන්වල අසුන්ගන්නේ නම් මොනතරම් හොඳ වැඩ කළත් එන මඩ පහරවල් කන්නට හිත හදාගත යුතු යැයි අවුරුදු 25ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයෙක් ලෙස තමන් යෝජනා කරන බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ්ට කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල් රාජ් ඉලක්ක කරගෙන මුස්ලිම් සමාජය තුළ මතු කරන්නට උත්සාහ කරන පිළිකුල් සහගත වැරදි මතවාදය හෙළා දකිමින් සභානායක බිමල් රත්නායක විසින් සිදුකළ දීර්ඝ පැහැදිලි කිරීමෙන් අනතුරුවය.

සභානායකවරයා මෙසේ පැවසුවේය.

“කාන්තා කටයුතු ඇමති තුමියට සම්බන්ධව දිගු කාලයක් තිස්සේ ඉතාම නරක ඉතාම වැරදි සදාචාර විරෝධී දේශපාලන ව්‍යාපෘතියක් දියත් වෙනවා. මම අවංකව ඉල්ලා සිටිනවා සාධාරණ මුස්ලිම් උගතුන්ගෙන් විද්වතුන්ගෙන් සාධාරණ මුස්ලිම් ආගමික නායකයින්ගෙන් මේක නතර කිරීම සඳහා මැදිහත් වෙන්න.”

“ඔබතුමාලා දන්නවා අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට කිසිම ජාති වාදයක් ආගම් වාදයක් උස්සන් යන ව්‍යාපාරයක් නෙමෙයි. මේ එහා පැත්තේ අද ඉන්න සහ එන්න බැරි වෙච්චි මුස්ලිම් කියාගන්නා බොහෝ ඇමතිවරු මුස්ලිම් ජනතාවට පහර ගහපු හැම ආණ්ඩුවකම කැබිනට් ඇමතිකම් දරලා තියනවා. මෙතනත් ඉන්නවා. අපි කවදාවත් ඡන්ද බලාගෙන ජාතිවාදය ආගම්වාදය කරපින්නාගෙන ගිහින් දේශපාලනය කරපු අය නොවෙයි.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ඒ නිසා අපේ පක්ෂයේ ඉන්නා ඉතාම වටිනා, අප ඉතාමත්ම අගය කරන අපේ නායිකාවක් තමයි සරෝජා පෝල් රාජ් මැතිණිය කියන්නෙ. එතුමියගෙ තාත්තලා මාතර ප්‍රදේශයේ වැදගත් ප්‍රභූවරු. එතුමිය අවුරුදු 6 දි තමයි 83 කළු ජූලියෙන් අනාථ වෙන්නේ. අනාථ කඳවුරක ඉඳලා මාතර දි විනාශ වෙලා මාතර දාලා යන්න‍නේ නැතිව මාතරම ඉඳගෙන සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එක්ක වැඩ කරපු එකට මේ සමාජයෙන් ඇයට ගෞරවයක් තියෙන්න ඕනා.

මාතර දිස්ත්‍රික්කයේ මොන තරම් මුස්ලිම් ජනතාව හිටියත් ඉස්සරවෙලාම මුස්ලිම් මන්ත්‍රීවරයෙක් ආවෙ අපේ පක්ෂයෙන්. ඔබතුමාලාගෙ පක්ෂයෙන් ආවෙ නෑ. ඒකට ගරු කරන්නේ නෑ. ගරු ජනාධිපති තුමා ජනාධිපති වෙන්න කලින් ජමෙයි තුල් උලමා එකට ගිහින් උලමා සභාවෙ සභාපති තුමා හම්බවෙලා මෙහෙ කිව්වා.

මුස්ලිම් ජනතාවට අදාලවන පෞද්ගලික නීති ප්‍රමාණයක් තියනවා. දමිල ජනතාවටත් තිබෙනවා. උඩරට ජනතාවටත් තියනවා. විශේෂයෙන්ම ඉස්ලාමීය නීති වෙනස් කරනවා නම් වෙනස් කරන්නේ හැම කෙනා සමගම සාකච්ඡා කරලා පමණයි කියලා මේ රටේ ජනාධිපති තුමා ජනාධිපති අපේක්ෂකයා ලෙස කිව්වා. එතුමා දැන් ජනාධිපති වෙලා තියනවා. එසේ තිබිය දී ඒක දැන දැන නැවත නැවත නැවත සරෝජා පෝල් රාජ් ඇමති තුමියට ඉතාම නින්දිත විදිහට මඩ ගහනවා ෂෝෂල් මීඩියාවල. අද පාර්ලිමේන්තුවෙදිත් කියනවා.

රටේ ජනාධිපති තුමා ඒක කියලා තියනවා. අපේ භාවිතාවේ ඒක පෙන්නලා තියනවා. මේ රටේ අවුුරු 11ක් විතර තිස්සේ තිබුණා ඉස්ලාමීය නීති වෙනස් කරන්න ඉස්ලාමීය උගතුන්ගේ කමිටුවක්. මේ රටේ ඉන්න ප්‍රබුද්ධම ඉස්ලාමීය උගතුන් සහිත කමිටුවක්. ඒ කමිටුවේ වෙච්චි සාකච්ඡා තියනවා. එසේ තිබිය දී ජනාධිපතිවරයා කියා තිබෙද්දි අපේ භාවිතයෙන් එසේ පෙන්නා තිබෙද්දි මේ මඩ ගැසීම් වැරදීයි.” සභානායකවරයා පැවසුවේය.

ඉන් අනතුරුව විවාදයට එක් වන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනය. ඔහු සිය කතාව ආරම්භ කළේ මේ ආකාරයෙනි.

” බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු සහ පරිසර අමාත්‍යාංශ වැය ශීර්ෂය ට පෙර කියන්න ඕන.. අපේ ගරු සභානායක තුමා කතා කළා අපේ ගරු සරෝජා ඇමති තුමිය සම්බන්ධයෙන් නොයෙක් විවේචනාත්මක විදිහට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ ඇතිවෙලා තියන දේ ගැන.”

” ගරු ඇමති තුමිය… ඔබ තුමිය හොඳ උගත් බුද්ධිමත් කෙනෙක් හැටියට මා පිළිගන්නවා. ඒ වගේම සභානයක තුමනි. ඔබතුමා මේ පාර්ලිමේන්තුවට අලුත් නෑ… පරණයි. අපි එකට හිටියා මේ පාර්ලිමේන්තුවේ.”

” ඇමති තුමිය. අපි කරන හොඳ දේ හොඳයි. අපි නරක දේ කළොත් අපි වපුරපු විදිහට තමයි අස්වැන්න අපට ලැබෙන්නේ. මම හිතනවා ඔබතුමිගේ කතාව මම අහන් හිටියා. ඔබතුමිය කළ පැහැදිලි කිරීම ගැන…

ඉතින් ඇමති තුමිය මේකට කියනවා උත්තරීතර පාර්ලිමේන්තුව කියලා. මේකට කියන්නේ උත්තරිතර පාර්ලිමේන්තුව. මුළු රටේම ජනතාව වෙනුවෙන් තෝරාල එවන මන්ත්‍රීවරු මන්ත්‍රීවරියො අපි.

ගරු ඇමති තුමිය. මේකට ආවට පස්සේ අපට මේවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකෙ උත්තරීතර කෑල්ල අපි කියනවා. මේකෙ කියන තරම් රස නෑ මේ උත්තරීතරකම.

මේ බුද්ධ ශාසන ඇමති තුමත් ඉන්නවා. මේක ඇතුළට වෙනදා ආවේ මේ රටේ සිවිල් පුරවාසියො. සාමාන්‍ය මිනිස්සු. පහුගිය කාලේ මේකට ආවා හාමුදුරුවන් වහන්සේලා. මහා සංඝරත්නයත් වැඩියා. වැඩියා නෙමෙයි… ජනතාව වැඩම්මෙව්වා. මේ පාර්ලිමේන්තුවෙ හිටියා.

මම අවුරුදු 25ක් මේ පාර්ලිමේන්තුවේ. ඇමති තුමිය. මේ පාර්ලිමේන්තුවේ මේ මහා සංඝරත්නය අර සෙන්කෝලේ උදුරන්න වගේ අරවට මේවට ගිහිල්ලා මොකක් ද උනේ… තරහා වෙන්න එපා කිව්වට. අපේ හාමුදුරුවන්ගේ රහස් තැනින් ඇල්ලුවා. මේ පාර්ලිමේන්තුවේ මේ රතු පළස උඩ ගරු ඇමති තුමනි.

ඒ නිසා මම මේ පාර්ලිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨයෙක් හැටියට ඔබතුමියට කියනවා මේක ඇතුළට ආවනම් මේවට පුරුදු වෙන්න වෙනවා. මේ පුටු තියනවා නේද?. මේකෙ වාඩි ගත්තු වාඩි ගත්තු අපි හැමෝටම කොච්චර හොඳට හිටියත් ඒ මඩ කන්න වෙනවාම තමයි. ඒ මේකේ හැටි.

ඒ නිසා ඔබතුමිය ඔබතුමියගේ කරගෙන යන වැඩපිළිවෙළ බොහොම විනිවිද භාවයෙන් කරගෙන යන්න. කාගෙවත් ජාතියකට ආගමකට යම් අසතුටක් නොවෙන විදිහට කියන එක මතක් කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධ ගැටලු විසඳන්න රජය කටයුතු කරන්නේ සංහිඳියාව ආරක්ෂා කරගෙන… ඇමති කියයි!

Next Post

කවුඩුල්ලේ යුනිකෝන් දළ ඇතාගේ සිරුර හමුවෙයි… වෙඩි තබා ඝාතනය කර ඇති දැයි සැකයි…

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.