අද (22) පාර්ලිමේන්තුවේ දී චැනල් අයි නාලිකාව බදු දීම සම්බන්ධව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ නගනු ලැබූ ප්‍රශ්නයේ දී ජනමාධය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මුලුමනින්ම නිරුත්තර වූයේය.

අවසානයේ දී විචාර බුද්ධියකින් තොරව දැඩි වියරුවකින් හැසිරුණු ජනමාධ්‍ය ඇමත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇසූ ප්‍රශ්නවලට පිළිතුර පසෙක තබා බැණ අඬගසන්නට වූයේය.
මෙම වියරුවට මූලිකම හේතුව වූයේ ජාතික රූපවාහිනියේ අයි නාළිකාව බදුදීමේදි පාරදෘශ්‍යභාවයක් නොමැති බව ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන ඔහුගේම කැබිනට් පත්‍රිකාවක සඳහන් කර තිබිය දීත් ඔහුම පාර්ලිමේන්තුව තුළ එම තීරණයේ සුජාත භාවය පිළිබඳ පැහැදිලි කිරීමට යෑම ප්‍රශ්න කිරීමය.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අමාත්‍ය බන්දු ගුණවර්ධන විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව උපුටා දක්වමින් ඒ ගැන විමසුවේය.
අවසානයේ දී ඇමතිවරයා ප්‍රශ්නයට පිළිතුරු දීම පසෙක තබා 88/89 ජ.වි.පේ අතීතය ගැන කතා කරන්නට විය.
මුලදී නාලිකාව බදු දීමක් සිදුවී නැති බවත්, අයි නාලිකාව කුලී පදනමින් ආයෝජකයාට ලබාදී ඇති බවත් කී අමාත්‍යවරයා ඉන් පසුව අමාත්‍යංශ ලේකම්වරයා කුලිය සහ බදු පිළිබඳ අනවබෝධයකින් කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති බව කීවේය.
එහෙත් කැබිනට් පත්‍රිකාවේ වගකීම දරන්නේ අමාත්‍යංශ ලේකම් නොව ඇමතිවරයා බව පෙන්වා දී එයට අත්සන් තබා තිබෙන්නේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
අදාළ බදු දීමේදී පාරදෘශ්‍යභාවයක් නැති බව ඇමතිවරයාම පවසන්නේ තමන් විසින්ම අත්සන් කර තමන්ම ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ බව පෙන්වා දෙමින් අදාල උදෘත උපුටා දක්වනවිට ඇමතිවරයාගේ විචාර බුද්ධිය නැති වී ගියේය.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කළ පාර්ලිමේන්තුවේ දී කළ කතාව සහ බන්දුල ඇමතිගේ වියරුව පහත දැක්වේ.