සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්ගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

by editor
ජූලි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ ඕනෑම කාරක සභාවක රැස්වීම්වලට සහභාගි වන නිලධාරීන් සාකච්ඡාවට භාජනය වන විෂයයන් පිළිබඳ අදාළ දැනුමෙන් සන්නද්ධ විය යුතු අතර කාරක සභාව විසින් ඉල්ලා සිටින විට තොරතුරු සැපයීමට සූදානම් විය යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක  විසින් දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක  විසින් කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මහලේකම් වෙත පිටපත් සහිතව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අද (06) ලිඛිතව මෙම දැනුම් දීම සිදු කර තිබේ.

න්‍යාය පත්‍රයේ ඇති කරුණු සම්බන්ධයෙන් කාරක සභාවේ සාමාජිකයින් විසින් මතු කරන  ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අවශ්‍ය කරුණු ගොනු කිරීම සඳහා  පූර්ව රැස්වීම් පැවැත්වීම නිර්දේශ කෙරේ.

කෙසේ වෙතත්, න්‍යාය පත්‍රයට ඇතුළත් නොවන ප්‍රශ්න නිලධාරීන්ගෙන් අසන අවස්ථා වලදී, ඒ සඳහා පිළිතුරු දීමට සහ ප්‍රතිචාර දැක්වීමට සාධාරණ කාල සීමාවක් ඉල්ලා සිටිමින් එම එකඟ වූ කාලය තුළදී ප්‍රතිචාර දැක්විය යුතුය.

අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ආරාධනා කර ඇති රැස්වීමකට ලේකම්වරයාට සහභාගි විය නොහැකි අවස්ථාවක, අදාළ කමිටුවේ සභාපතිවරයාගේ අවසරය ඇතිව නියෝජිතයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට රැස්වීමට සහභාගි විය හැකිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තවද, සිය අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ආංශික අධීක්ෂණ කමිටු රැස්වීම් සඳහා නිලධාරීන් සහභාගි විය යුතුය. කෙසේ වෙතත්, සාකච්ඡා කිරීමට නියමිත කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ගැලු තිබේ නම්, ඒවා අමාත්‍යවරයා විසින් ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දිය යුතුය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන රැස්වීමකට  විපක්ෂ නායකවරයා රාජ්‍ය නිලධාරීන් කැඳවීමට අදහස් කරන්නේ නම්, ඔහු විසින් එම විෂයට අදාළ අමාත්‍යවරයාව ලිඛිතව දැනුවත් කළ යුතු අතර, ඊට අනුකූලව  එම රැස්වීම්වලට සහභාගී වීමට නිලධාරීන්ට අවසර ලබා දෙනු ඇත.

මුදල් හා සම්බන්ධ අධීක්ෂණ කාරක සභා සඳහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවූ විට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව රැස්වීම්වලට සහභාගි විය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දූෂණ විරෝධී පනත සම්මත කිරීම තුන්වැනි වරටත් කල් දමන්නට ආණ්ඩුව කළ  උත්සාහය විපක්ෂයේ දැඩි විරෝධතා මැද වලකී… සංශෝධනවලට යටත්ව අදම සම්මත වෙයි!

Next Post

ස්කොට්ලන්තයේ ලෝක කුසලාන තරගාවලි බලාපොරොත්තුව කුඩු වෙයි… නෙදර්ලන්තය පෙරළිකාර ජයක…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.