අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවෙදි අපට බැන්නට රනිල් වැක්සීන් එක ගත්තෙත් අපෙන්… ශවේන්ද්‍ර කියයි

by editor
අගෝස්තු 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සිදුකරන එන්නත්කරන වැඩසටහන විවේචනය කරන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවා තම කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගත්තේ නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

හමුචදාපතිවරයා එසේ ප්‍රකාශ කළේ වර්තමානයේ සිදුවන කොවිඩ් මරණවලට කොවිඩ් මර්ධන බලකාය වගකිවයුතු බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදීන් අද (09) නැඟූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.
එහිදී යුද්ධ හමුදාධිපතිවරයා මෙසේද කීය.

අපි දකිනවා වයස අවුරුදු 60ට වැඩි පිරිස් තවමත් කිසිදු එන්නතක් ලබා නොගෙන ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක්ව තියෙනවා. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් ඔවුන්ගේ එන්නත ලබා ගන්න කියලා. මොකද ඊයේ (08) දිනයේ ජීවිතක්ෂයට පත්වූ 94 දෙනාගෙන් 71 දෙනෙක්ම වයස අවුරුදු 60ට වැඩි අය. එයිනුත් බහුතතරය කිසිදු මාත්‍රාවක් ලබා නොගත් අය.

අපි පහුගිය පෙබරවාරි මාසයේ ඉඳන් විවිධ වු එන්නත් රට තුළදී ජනතාව වෙත ලබා දුන්නා. නමුත් අවාසනාවකට වයස අවුරුදු 60ට වැඩි පිරිස් මේ එන්නත ලබා නොගැනීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක් කරගෙන සිටිනවා. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් එන්නත ලබා ගන්න කියලා. අපි ඔවුන් වෙනුවෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එන්නත් ලබා දෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ අයවළුන්ට විහාරමහාදේවී පරිශ්‍රයේ සහ දියත උයන පරිශ්‍රයේ මෙම කටයුතු සිදුකෙරෙනවා.

ඒ වගේම ප්‍රථම මාත්‍රාව පමණක් ලබාගත් අයවළුන් දෙවැනි මාත්‍රාව ලබාගනෙත් තවදුරටත් සෞඛ්‍යාරක්ෂිතව සිටීම වැදගත් වෙනවා. මාත්‍රාදෙකම ලබාගත්තත් ස්වයං විනයක් සහිතව සිටියොත් අපිට රටක් වශයෙන් මේ ව්‍යසනයෙන් බේරීමට හැකි වෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාව යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සිදුකරනු ලබන එන්නත්කරණය පිළිබඳ විශාල ප්‍රසාදයක් පළකර තියෙනවා. එවන් විශාල ප්‍රසාදයක් පළකර සිටින අවස්ථාවක එක් ප්‍රද්ගලයෙක් පමණක් මෙම ක්‍රියාවලිය විවේචනයට ලක්කිරීම පිළිබඳව මෙවැනි කාලයක මුළු රටේම ජනතාව දැනගත යුතු කාරණය තමා ඒ ත්‍රිවිධ හමුදාව විවේචනය කරන හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ එන්නත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නාරාහේන්පිට රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයට ඇවිල්ලා එන්නත ලබාගත්තා.

ඒ වාගේම කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වෙන්නේ අතිගරු ජනාධිපතිතුමා. මේ කාර්ය සාධක බලකායේ මෙරට සෞඛයට සම්බන්ධ අමාත්‍යවරියන් දෙදෙනා සහා අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිප පොලක්ම මේ කාර්ය සාධන බලකායේ ඉන්නවා. ඉන්නවා. ඊට අමතරව සෞඛ්‍ය අමාතංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ත්‍රිවිධ හමුදාධිපතිවරු, පොලිස්පතිවරයා සහ විශේෂඥ වෛද්‍යවරු කිහිපපොළක්ම ඉන්නවා. ඉතින් ජනාධිපතිතුමා මෙහිදී කිසිම අකාරයකින් තනි තීරණ ගන්නේ නෑ. ඒ නිසා විවිධ විවේචන එල්ල වුණත් ඇත්ත මේකයි. අපි හැකි ඉක්මනින්ම කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කරනවා. යැයි යුද්ධ හමුදාධිපතිවරයා පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්අඩංගුවේ සිටින රිෂාද්ගේ බිරිඳ ඇතුළු පවුලේ 4 දෙනාගේ ඇප ඉල්ලීම් ඉවතට

Next Post

ගුරු වැටුප් වැඩි කරන්න බෑ… ලබන අයවැයෙන් රාජ්‍ය සේවයේ සමස්ථය සලකා සාධාරණයක් කරන්නම්… ජී.එල් කියයි.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.