රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය ලබන මාසයේ දී පැවැත්විමට නියමිත වන අතර මෙවර එහි සභාපති ධුරය සඳහා වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර නාම යෝජනා ඉදිරිපත් කර ඇත.
ලබන ජූනි 26 වැනිදා පැවැත්වීමට නියමිත මෙම නිලවරණයට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ගේ පාර්ශ්වයෙන් ලේකම්වරයා ලෙස වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු ඉදිරිපත් ව සිටින අතර ඔවුන්ගේ සහයට තවත් වෛද්‍ය කණ්ඩායමක් සූදානමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.
වෛද්‍ය පාදෙණිය මෙන්ම වෛද්‍ය ජයරුවන් බණ්ඩාරද රජයේ පාර්ශ්වය සමඟ සමීප සම්බන්ධයක් පවතින අතර විශේෂයෙන් මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ දෙපළට දේශපාලන වශයෙන් සහයෝගයක් ලබා දුන් පුද්ගලයකු බව පැවසෙයි.
කෙසේ වුවද මෙම කණ්ඩායම හමුවේ තරගයක් ලබා දීම සඳහා වෛද්‍ය පාදෙණියගේ කණ්ඩායමද මේ වනවිට සැලසුම් සහ ක්‍රමෝපාය සහ ප්‍රචාරණ ව්‍යාපාර ආරම්භ කර ඇති බව වෙද්‍ය අරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.