හඳුනා නොගත් ඝාතකයෙක් විසින් අද (07) අළුයම දෙහිවල ගල්කිස්ස වටප්පල පාරේ සිදුකළ වෙඩි තැබීමකින් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තිබේ.
යතුරුපැදියකින් පැමිණි ඝාතකයා සහ යතුරුපැදිය රැගෙන පැමිණි පැදිකරු ඝාතනයට ලක්වූ පුද්ගලයින්ගේ නිවසට පැමිණ වෙඩිතබා ඝාතන සිදුකර පලා ගොස් තිබේ.
වෙඩි වැදීමෙන් නිවසේ සිටි 36 හැවිරිදි පුද්ගලයෙක් එතැනම මිය ගිය අතර වෙඩි වැදී බරපතල තත්ත්වයේ සිටි 20 හැවිරිදි තරුණයෙක් කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබිණි. මීට ස්වල්ප වෙලාවකට පෙර කළුබෝවිල රෝහලට ඇතුළත් කළ තරුණයා ද මිය ගියේය.
කවුරුන් විසින් කුමන හේතුවක් මත එම වෙඩිතැබීම සිදුකළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගල්කිස්ස පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.







