සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් වාහන ගෙන්විය යුත්තේ රටේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක ස්ථාවරව පවත්වාගෙන යන අතරෙයි… මහබැංකු අධිපති සිය මතය කියයි!

by editor
ජනවාරි 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වසර පහක් තිස්සේ වාහන ආනයනය නවතා දමා තිබෙන පසුබිමක නිසි පාලනයකින් තොරව අලුත් වාහන ගෙන්වීමට ඉඩ නොදිය යුතු බවත්, පුද්ගලයෙක් වත්කමක් ලෙස පවත්වාගෙන එන වාහනයක වටිනාකම අඩු වීමට ඉඩ නොදී පැරණි වාහන වෙළෙඳපල මිල ගණන් ස්ථාවරව තබා ගනිමින්  අලුත් වාහන ප්‍රමාණයක් රටට ගෙන්වීමට සැලසුමක් සකස් කළ යුතු බව තමන්ගේ පුද්ගලික මතය බවත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඊයේ (06) රාත්‍රියේ ‘ටීවි දෙරණ’ ඔස්සේ විකාශය වූ 360 වැඩසටහන සමග එක්වෙමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටියේ පවතින පැරණි වාහන වෙළෙඳපල මිල ගණන් ආරක්ෂා කර නොගතහොත් එම වාහනවල වටිනාකම ශූන්‍යවනවා පමණක් නොව අනවශ්‍ය අලුත් වාහන ප්‍රමාණයක් රට තුළට ගලාවිත් සෑම අතින්ම අනවශ්‍ය ප්‍රශ්නයක් මතුවන බවය.

ඔහු මෙසේ ද කීවේය.

2019 ඉඳලා අපි අලුත් වාහන ගේන්න ඉඩ දීලා නෑ. අපේ තියන වාහන සංචිතය රටේ අඩුම තරමින් අවුරුදු පහකට වඩා පරණ ඒවනේ තියෙන්නෙ. එතකොට රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙනකොට සංචිත වැඩිවේගෙන යනකොට තියන අවශ්‍යතාවය තමයි රටේ සංවර්ධනයට සංචාරක කර්මාන්තයට, ප්‍රවාහන කර්මානත්යට සහ අනිකුත් අත්‍යාවශ්‍ය ආර්ථික කටයුතුවලට වාහන සංචිතය අලුත් කිරීමේ අවශ්‍යතාවයක් තියනවා. ඒ ගැන ගැටලුවක් නෑ. මොකද අවුරුදු පහක් තිස්සේ නවත්වන් හිටපු එක අපි කොච්චරකල් නවත්වාගෙන ඉන්න ද?.

ඒත් එක්කම රජයට බදු එකතු කරගැනීමේ අලුත් මාර්ගයකුත් අවශ්‍ය වෙලා තියනවා බදු ආදායම සියයට 15 දක්වා වැඩි කරගැනීමට. රජය පැත්තෙන් ගත්තට පස්සේ තවත් ආදායම් බදු හෝ වැට් හෝ වෙන ආකාරයේ බදු අලුතින් පැනවීමට තියන අවකාශය ඉතාම අඩුයි. එතකොට මේක තමයි බදු ආදායම වැඩි කරගන්න රජය පැත්තෙන් දියත් කළ යුතු එක මාර්ගයක්.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

අනිත් පැත්තෙන් ආර්ථිකය ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් වෙනකොට රටට අලුතින් වාහන අවශ්‍යයයි කියන එක අපි හැමෝම පිළිගන්නා කාරණයක්. දැන් තියෙන්නේ කොහොමද මේක බැලන්ස් කරන්නේ.

එතනදි අපේ තිබිච්ච තත්ත්වය අනුව ජූනි මාසය වෙනවිට රජය නිර්දේශ කළේ ක්‍රමානුකූලව මුලින්ම මගී ප්‍රවාහන, ඊලඟට වානිජ ලොරි ට්‍රක් වගේ රථ… ගිය අවුරුද්දට අපි මිලියන 500ක ප්‍රමාණයක් ඇස්තමේන්තු කරලා තිබ්බා. ඊලඟ අවුරුද්දට මුළු රථවාහන ගෙන්වීම සඳහා බිලියන 01ක් ඇස්තමේන්තු කළා. බිලියන 1.5ක වාහන වෙළෙඳපලක් විවෘත කළාට පස්සේ උනත් අපේ සංචිත ස්ථාවර කරගෙන ණය ප්‍රතිව්‍යුහගත කරගෙන ගෙවන්න තියන ණය ප්‍රමාණය ගෙවාගෙන යන්න අවශ්‍ය ප්‍රමාණය බැලන්ස් කරගන්න පුලුවන්. ඒත් එක්කම රජයේ ආදායමත් වැඩි කරගන්න පුලුවන්.

අවශ්‍යතා කීපයක් මෙතනදි බැලන්ස් කරන්න ඕන. එකක් රජයේ ආදායම් වැඩි කරගන්න ඕන සියයට 15 දක්වා…. අලුතින් බදු පනවන්නේ නැතිව. අනෙක් පැත්තෙන් සංචිත යම්කිසි ආකාරයකට කළමනා කරණය කරන්න ඕන. ඕනවට වැඩිය විනිමය අනුපාතය උච්චාවචනයක් වෙන්න දෙන්න හොඳ නෑ. ඒක ස්ථාවරව තියෙන්න ඕන.

බිලියන 1.5ක් අතුළත් වාහන ගෙන්වීම සම්බන්ධව අපට කළමනාකරණය කරන්න පුලුවන්. වෘත්තීය පුරෝකථනය අනුව ඉදිරියේ දී සංචිත සහ ණය ගෙවීමේ සියලුම අවශ්‍යතා ගත්තට පස්සේ ඒක කළමනාකරණය කරන්න හැකියි.

ඒත් එක්කම අප හිතමු වාහන අයිතිකරුවෙක් යම් කිසි වාහනයක් අරන් තියනවා මිලියන 05ක් දීලා. අපේ රටේ පුරවැසියො වාහනයක් පවත්වා ගන්නේ වත්කමක් හැටියට. ණයක් අරගෙන හෝ ඉතිරි කිරීම්වලින් වාහනයක් අරන් ඒක තියාගෙන ඉන්නේ තමන්ගේ වත්කමක් හැටියට. මොකද හැම තිස්සේම වාහනයක වටිනාකම වැඩි වෙලා තියනවා. එතකොට මගේ පුද්ගලික අදහස සහ නිර්දේශය තමයි වාහනයක සෙකන්ඩ් හෑන්ඩ් වටිනාකම අඩු නොවන විදිහට යම්කිසි ආකාරයක බදු පැනවීමක් කළ යුතුයි. හේතුව වාහන වෙළෙඳපලේ දැන් තියන වාහනවල වටිනාකම ඒ මට්ටමේ තියා ගන්න ගමන්,  වාහනය අලුත් කරන්න ඕන නම් අලුත් කරන කෙනා යම්කිසි වැඩිපුර මුදලක් ගෙවලා අලුත් කරන වාහනය අලුත් කරන්න අවස්ථාවක් දෙන්න ඕන.

මීට කලින් තිබුණ වනිමය අනුපාතය සහ දැන් තියන විනිමය අනුපාතය අතර සෑහෙන වෙනසක් වෙලා තියනවා. වැඩි වීමක් වෙලා තියනවා. ඊට අමතරව වැට් එකත් සියයට 18ක් අලුතින් එකතු වෙලා තියනවා. ඒ දෙක එකතු වුනාම වුනත් ලොකු බද්දක් ගැහුවෙ නැති වුනත් වාහන ගණන්. ඒ අනුව මගේ නිර්දේශය තමයි දැනට තියන වෙළෙඳපලේ වාහන වටිනාකම බලලා අලුතින් වාහනයක් ගන්න කෙනෙකුට අවස්ථාවක් දෙන්නත් ඕන. අනවශ්‍ය කෙනාට අලුත් වාහන ගන්න අවශ්‍ය වෙන්නේ නෑ.

මෙහෙම පාලනය කළේ නැතිනම් මොකද වෙන්නේ. අලුත්ම වාහනයත් අවුරුදු පහක් පාවිච්චි කළ වාහනත් දෙකම වෙළෙදපලේ මිලියන 05ක් නම් සියලුම පරණවාහනවල වටිනාකම නැතිවෙලා ගිහින්. බැංකුවලින් ලීසින් අරන් ගත්තු තමන්ගේ වත්කමේ වටිනාකම නැතිවෙලා ගිහින් අනවශ්‍ය විදිහට අලුත් වාහන ප්‍රමාණයක් මේ රට ඇතුළට ගලා එන්න ගන්නවා. එහෙම නොවෙන්න   මේක බැලනස් කරන් කරන්න ඕන කියන එක තමයි මගේ මතය.

හැබැයි මේක මගේ මතය වුනාට මුදල් අමාත්‍යාංශය, පාර්ලිමේන්තුව විසින් ගනු ලබන තීරණයට මම ගරු කරනවා. මා හිතන්නේ නිවැරදි ආකරයට බැලන්ස් කරලා ඒ තීරණය ගනී. එතකොට එක පැත්තකින් අපේ සංචිතවලට ලොකු හානියක් වෙන්නේ නැතිව විනිමය අනුපාතයට ලොකු හානියක් වෙන්නේ නැතිව ණය ගෙවීමේ හැකියාව තියාගන්න ගමන් රජයටත් ආදායමක් එකතු කරගෙන පුද්ගලයින්ට තමන්ගේ වත්කම නැති කරගන්නේ නැතිව වාහනයක් අලුතින් ගන්න කෙනාටත් අවශ්‍යනම් පමණක් වැඩිපුර මුදලක් ගෙවලා අලුත් වාහනයක් ගන්න අවස්ථාවත් තියෙන්න ඕන.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ අගමැතිකම අත්හරී!

Next Post

පාතාලයෝ ගල්කිස්සේ ගෙදරකට පැමිණ වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් මරා දමති….

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.