දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට පැමිණි ධීවරයින් හතර දෙනෙකු ඇඳගෙන සිටි ටීෂර්ට් වල එල්.ටී.ටී.ඊ.ලාංඡන හා ප්රභාකරන්ගේ ඡායාරූප මුද්‍රණය කොට තිබීමේ සිද්ධීයක් සම්බන්ධයෙන් නාවික හමුදාව ඊයේ ( 9 ) පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
නාවික හමුදාව විසින් ඉන්දිය ධීවරයින්ගේ පැමිණීම වැළැක්වීම සදහා කළ මුර සංචාරයකදී බෝට්ටුවක් තුළ සිටි තරුණයින්ගේ ටීෂර්ට් වල එම ලකුණු නාවික හමුදාව විසින් දැක තිබේ.
නාවික හමුදාව එම ධීවරයින්ව වීඩියෝ ගත කොට ඇති අතර ඔවුන්ගේ විස්තරද සටහන් කරගෙන ඇති අතර ඒ ඔස්සේ නාවික හමුදාව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
නාවික හමුදාව සැකකරනු ලබන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානය ව්‍යාප්ත කරවීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දෙමළ ධීවරයින් විසින් මෙම ටීෂර්ට් ඉන්දීය ධීවරයින්ට ලබා දෙන්නට ඇති බවයි.