සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

” මචං ප්‍රියන්ත…” විලි ලජ්ජයි හොඳේ….

by editor
ඔක්තෝබර් 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

පොලිස් නිලධාරියෙක් විසින් තමන්ට පහර දුන් බව කියමින් කුණුහරපයෙන් කෑ  ගසා ගෙන ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී  පෙරේදා (10)  විලි ලජ්ජා නැති ලෙස හැසිරුණ  ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් බව ප්‍රකාශිත ගුණරත්න වන්නිනායක නැමැත්තා  සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇතිබව පොලිසිය පවසයි.

ඊයේ (11)  පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය  විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේ අගතියට පත් ගල්කිස්සේ  පොලිස් නිලධාරියා වෙනුවෙන් පොලීසිය පෙනී සිටින බවය. එහෙත් පොලිස්පතිවරයා විසින් මෙම ප්‍රකාශ කරන්නේ අදාල පොලිස් නිලධාරියාට සිද්ධවන අසාධාරණය පිළිබඳ සාක්ෂි සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ මතුවුන දැඩි විරෝධය තුළ වීම සලකුණු කළ යුතුය.

“ප්‍රියන්ත” නැමැති පුද්ගලයෙකුට කතා කර ප්‍රස්තුත කරුණට චෝදනා ලබන පොලිස් නිලධාරියා ඉන්ටර්ඩික් කරවන බවට තර්ජනය කිරීම, නීතිඥකමක් දරන ආණඩුවේ පොලිසිය හා සම්බන්ධ දේශපාලකයෙකුට කතා කර වැඩ තහනම් කරන ලෙස දැඩි බලපැම්  කිරීම, අමු තිත්ත කුණුහරපෙයන් තමන්ගේ නිලධාරියෙකුට බනිද්දී පොලිසියේ උසස් නිලධාරියෙක් තරු ලකුණු දෙපරංශය අස්සේ ගසාගෙන නිවටයෙක් සේ හැසිරීම සම්බන්ධව පොලිස් වෙබ් අඩවිය තුළ ද ජනතාව දැඩි ලෙස ප්‍රශ්න කරනු ලැබීමත් සමග පොලිස්පතිවරයා  සිය කට ඇර තිබිණි.

වාර්තාවන පරිදි මේ බහින්බස් වීම සිදුව ඇත්තේ නීතිඥ  ගුණරත්න වන්නිනායක නැමැත්තාත් සංජීව ඇන්තනි නැමැති නීතිඥයාත් උසාවියෙන් පිටවී යන්නට වාහනය ඉදිරියට ගෙන එද්දී බන්ධනාගාර බස් රථයට බාධා එල්ල වීමය. එම අවස්ථාවේ දී ගේට්ටුවේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියා “ඕක ගන්නවා ” ලෙස ගුණරත්න වන්නිනායක ගමන් ගත් මෝටර් රථය දෙසට කෑ ගසා තිබේ. ඒ අවස්ථාවේ දී මෝටර් රථයෙන් පොලිස් නිලධාරියට පිළිතුරු දී තිබුණු බව කියන්නේ මෙසේය.

” කොහාට ද ප# ගන්නේ ?” . ප්‍රශ්නය දුර දිග යන බව කියන්නේ මේ ප්‍රතිචාරයත් සමග බව වාර්තා වන්නේය.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ගල්කිස්ස උසාවිය යනු උසාවිය තුළට පැමිණ පාතාල අපරාධකරුවන් වෙඩි තබා ගිය ඉතිහාසයක් සහිත භූමියකි. බන්ධනාගාර බස් රථ අමුසොහොන් වූ අතීතයක් අපට තිබේ. අලුත් කඩේ උසාවිය තුළ දී ගණේමුල්ලේ සංජීව වෙඩි කෑවේය. ඒ ආසන්න සිද්ධියත් සමග උසාවි තුළ ආරක්ෂාව තරකිරීමට පොලිස්පතිවරයා විසින්ම පොලිසියට නියෝග කර තිබිණි. අදාල පොලිස් නිලධාරියා ඉටුකළේ ඒ නියෝගය ය. එහෙත් එහි පොලිසිය පොදුවේ සමාජය තුළ මුදා හරින ජඩ ගර්හා කටයුතු හැසිරීම තිබිණි. එය සාධාරණ පිළි ගත යුතුව තිබේ. එහෙත් “ඕක ගන්නවා ” කී වචන දෙක ගිය දුරක තරම කොපමණදැයි තේරෙන්නේ කළු කෝට් දාගත්ත උද්ච්ච මෝඩයෙකුගේ ඊගෝ එකේ වේගය උසස් නිලධාරීන් සහ ප්‍රභූ දේශපාලකයින් යැයි කියාගන්නා අයගේ රෙදි ගලවා තමන් ද නිරුවත් වීමෙනි.

ඇසින් දුටුවන් අපට කියන්නේ මෙම පොලිස් නිලධාරියා විසින් කිසිම පහර දීමක් සිදුකළ නැති බවය. ඔහු අතින් වාහනය තුළ සිටි අයෙක් තල්ලු කළා වැනි සිදුවීමක් වු බව දුටුවා යැයි තවත් අයෙක් කියන්නේය. සිද්ධිය කුමක් වුවත් ප්‍රියන්ත නැමති පුද්ගලයෙකුට කතා කරමින් ඩී.අයි.ජී කෙනෙක් ගල්කිස්ස උසාවියට එවන ලෙස නියෝග කරනු ඇසෙන්නේත්, මචං… ඩී.අයි.ජි. කෙනෙක් මෙතෙන්ට එවපන්, මේකා ඉන්ටර්ඩික් කරපන් කියමින් යකා නටන්නේත් මේ කියන ප්‍රියන්ත හෝ තමන්ගේ ජූනියර් බැච් එකේ සිටි බවක් කියන මචං පොලිසිය හැසිර විය හැකි විශාල පුද්ගලයින් නිසා බව අපට දැනෙන්නේය. එසේ මෙසේ මචං කෙනෙකුට හැර ටෙලිෆෝන් එකෙන් පණිවිඩයක් දුන් තරමින් ඩීඅයිජි කෙනෙක් එවන්නට වෙන කෙනෙකුට නොහැකිය.

දුක හිතෙන්නේ එතැන සිටි ඉහළ පොලිස් නිලධාරීන් ගැනය. නිල ඇඳුමක් අඳින තමන්ගේ නිලධාරියෙකුට කවරෙක් හෝ කුණු හරපයෙන් බනිමින් ඔහු සමාජයක් ඉදිරියේ අන්ත නින්දාවට පාත්‍ර කරද්දී කටක් ඇර කතා කරන්නට බැරි නපුංසකකම ගැන එතන සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් පිරීක්ෂකයා විලි ලජ්ජාවට පත් විය යුතුය.  උගේ තරු තුන මොන්ටිසෝරි පොඩි එකෙකුට දුන්නා නම් ඌ මීට වඩා හොඳට ජොබ් එක කරන බව අපට නම් විශ්වාසය.

පොලිසියේ නපුංසකකම මෙන්ම මේ  නීතිඥයා විසින් ප්‍රියන්ත නැමැති පුද්ගලයාට හෝ ඔහුගේ මචං ට කළ බලපෑමේ තරම පැහැදිලි වන්නේ පොලිස් ඇපයක් මත නිදහස් කළ හැකි වරදකට දින තුනක් මෙම පොලිස් කොස්තාපල්වරයා බන්ධනාගාරගත වීමය. පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මේ පොලිස් නිලධාරියා වෙනුවෙන් කිසිම නීතිඥයෙක් පෙනී සිටියේ නෑත. නීතිඥ සංගමයත් ගුණරත්න වන්නිනායකගේ නිරුවත් රංගනය සාධාරණීකරණය කරමින් තමන්ගේ එකා වෙනුවෙන් පෙනී සිටිමින් නිවේදනයක් නිකුත් කළේය. විලි ලජ්ජා සහගත කාරණය වන්නේ සමාජය විසින් පොලිසියේ නිවට කම යළි යළිත් ප්‍රශ්න කරමින් පොලිස් නිල වෙබ් අඩවියට පැමිණ සාධක සහිතව කරුණු ඉදිරිපත් කර පොලිසිය පට්ට ගසන තෙක් කට අරින්නට බැරි තරමට පොලිසිය බලු වීමය. ” පොලිසියේ නීතිඥයො ඉන්නවා කියලා ඔය නීතිඥ නම ඉස්සරහට දාන් ඉන්නේ බොරුවට ද බං… පොලිසියේ නීතිඥයෙක්වත් මේ පොඩි එකා වෙනුවෙන් පෙනී හිටියේ නැත්තේ ඒක ද?. පොලිස් නිල වෙබ් අඩවියට පැමිණ ප්‍රතිචාරයක් දක්වමින් එකෙක් අසා තිබිණි.

සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් මේ වන විට විර්මශනයක් ආරම්භ කර ඇති බව දැන් පොලිසිය කියන්නේය. එම නිවේදනයේ දැක්වෙන්නේ පොලිස් නිලධාරියාට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑම පොලිසිය විර්මශනයක් ආරම්භ කර ඇති බවය.

සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා හට නීතීඥවරයා විසින් බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම නීරීක්ෂණය වන වීඩියෝ දර්ශන ඇතුළත් සී.ඩී තැටියක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව ද පොලිසිය පවසන්නේය.

සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කීප දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව ද එම සැලය.

කෙසේ වෙතත් අවසානයේ දී කිව යුතුව ඇත්තේ කුල්ල කුජීත බවය. මේ කියන්නේ ගුණරත්න වන්නිනායක කී ප්‍රියන්ත කියන කෙනාටය. “ප්‍රියන්ත… විලි ලජ්ජයි හොඳේ….

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යුද්ධයේ අවසන් අදියරේ දී එල්ටීටීඊ එක සමග ඩීල් දමා මහින්ද සිදුකළ පාවා දීමක් ගැන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විමර්ශනයක් ඉල්ලයි!

Next Post

යාපනය දිස්ත්‍රික් NPP සම්බන්ධීකාරකට සහ ඔහුගේ පියාට කඩු ප්‍රහාරයක්… කැපුම් තුවාල සහිතව දෙදෙනාම රෝහලේ….

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.