ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ රෝගියෙකුට Co-amoxiclav නැමැති ප්‍රතිජිවකය ලබා දුන් පසුව මියයෑමේ සිදුවීමට සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
මෙම ඖෂධය ලබා දීමට පෙර රෝගියාගේ රෝග ඉතිහාසය පිලිබද විමසා බැලුවේද? අදාල ඖෂධය නිසිලෙස ගබඩා කර තැබුවේද? නියමිත මාත්‍රාවන්ගෙන් රෝගියාට ලබා දුනේද? එනන්ත ලබා දීමට නියමිත කාල වකවානු භාවිත කළේ? ඒ සඳහා භාවිත කළ එන්නත් කටු ආදිය පිලිබඳව පුලුල් පරික්ෂණයක් සිදුකිරිමට විශේෂ කමිටුවක් පත් කරන බවද අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙක් පැවසුවේය.
එන්නත නිර්දේශ කළ වෛද්‍යවරයා සහ හෙද නිලධාරිනිය ඇතුලු ඒ මොහොතේ වාට්ටුවේ සේවය කළ සියලුම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයෙන් අදාල විස්තර ලබා ගැනීමට මේ අනුව කටයුතු කරන බවත් හෙටින් ආරම්භ වන නව සතිය තුළ මෙම පරික්ෂණයන සිදු කරන බවත් හෙතෙම පැවසුවේය.