සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රජා තන්ත්‍රවාදය ආරක්ෂාවන්නේ නීතිය පිළිබඳ ජනතා විශ්වාසය ඇතිවුනොත් පමණයි… යූ ටියුබ් කරුවෙක් අවසන් තීන්දු පුරෝකථනය කරන්නේ කොහොම ද? සජිත් අසයි…

මේ යූ ටියුබ්කරුවාට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි... ඔහු අධිකරණයට අපහාස කරලා... සුදා ගැන සජිත් හොඳටයම කියයි!

by editor
අගෝස්තු 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ රටේ නීතිය ක්‍රියාත්මකවන ක්‍රමය පිළිබඳ විශ්වාසයක් ජනතාව තුළ ඇතිවන්නේ නම් පමණක් බවත්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සිදුවෙමින් ඇති වටපිටාවක යූ ටියුබ් කරුවෙකුට එහි අවසන් ප්‍රතිඵලය සම්බන්ධව අනාවැකි පළ කළ හැකිනම් එය මේ ක්‍රමය සම්බන්ධව පැන නගින බරපතල ප්‍රශ්නයක් සේම සමස්ථ අධිකරණ ක්‍රියාවලියටම සිදුකරන අපහාසයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද මාධ්‍ය හමුවේ දී පැවසුවේය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ගොස් නැවත පැමිණෙන අවස්ථාවේ දී මාධ්‍ය අමතමිනි.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නිර්දේශපාලනික විය යුතු බව කී විපක්ෂ නායකවරයා රට ගොඩනැගීම සඳහා සියලු දෙනාම එකට එකතු වීමේ අවස්ථාව දැන් උද්ගත වී ඇතැයි පැවසුවේය.

හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, ඔහුට අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර නිසි ලෙස ලැබෙන බව තමන් විශ්වාස කරන බවත් කීවේය.

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“ මේ  ක්‍රියාවන් සිදුවන ආකාරය පිළිබඳව රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වා දීලා තියනවා. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මකවන මෙහොතකදී  උත්තරීතර නීතියෙන් සඳහන් නොවන තුන්වැනි පාර්ශවයකට සමාජ මාධ්‍ය ජාලාවලට පුරෝකථනය කරන්න බෑ ඒ නිතියේ ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය.

අපට බොහොම පැහැදිලිව පේනවා තුන්වැනි පාර්ශවයක්, උත්තරීතර නීතියට පරිබාහිර පාර්ශවයක්, මේ අවස්ථාවේ දී සමාජ ජාලාවක්, එක් තරාා පුද්ගලයෙක් මේ පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ  අනාවැකි පළ කරනවා. පුරෝකථන කරනවා. ඒක බොහොම භායනක තත්ත්වයක්.

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා වීමට නම් රටක ජනතාව විශ්වාස කරන්න ඕන මේ ක්‍රමවේදය නිවැරදිව ක්‍රියාත්මක වෙනවා කියලා. එය එලෙසම නිවැරදිව ක්‍රියාත්මක වෙන්නත් ඕන.  ක්‍රියාත්මක වීමත් වැදගත්. ජනතාව ලබන අවබෝධයත් වැදගත්.

පැහැදිලිව සමාජ මාධ්‍ය ජාලාවක පුද්ගලයෙකුට අනාවැකි පල කරලා  මේ විදිහට තමයි මේ සිදුවීම් සියල්ල සිද්ධ වෙන්නේ කියනකොට  මේ ක්‍රියාවලිය පිලිබඳ බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා.  එය ඇත්තවශයෙන්ම අධිකරණයට කරන අපහාසයක්.    උත්තරීතර නීතියට කරන අපහාසයක්. මේ ක්‍රියාදාමයේ නියැලී සිටින  සියලු දෙනාටම කරන අභියෝගයක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත පහරක් ලෙස අප දකිනවා.

ඒ නිසා විශේෂයෙන්ම අප කියා සිටින්නේ රටේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක වීම විනිවිද භාවයෙන් යුක්තව නිර්දේශපාලනීකරණයකට ලක් කර එය සිදුවිය යුතු ආකාරයටම සිද්ධ වෙන්න ඕන. එහෙම නැතිව මේ එක එක තුන්වැනි පාර්ශවවලට එලියට ඇවිල්ලා මේකයි සිද්ධ වෙන්නේ   මෙහෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන එක ඇත්ත වශයෙන්ම නීති විරෝධී ක්‍රියාවක්. ඒ පිළිබඳව වහාම පියවර ගැනීම වැදගත් කියන එක මා ප්‍රකාශ කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රනිල් බලන්න සජිත් බන්ධනාගාර රෝහලට එයි!

Next Post

බන්ධනාගාරගත හිටපු ජනාධිපති රනිල් බලන්න හිටපු ජනාධිපති මහින්දත් එයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.