බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රගතිශීලී වෘත්තියවේදියෝ පොහොට්ටුව හැර යති !

by editor
අගෝස්තු 14, 2022
in පුවත්
pohottuwa

Share on FacebookShare on Twitter
  • සල්ලි විසිකර ඡන්ද මැෂින් හදා බලයට පැමිණි ලුම්පන් දේශපාලකයින් රට හදන්නෙ නෑ… ඔවුන් එක්ක ගෞරවනීය දේශපාලනයක් කරන්නත් බෑ…

බහුතර ජනතා කැමැත්ත මත   බලයට පත් වුවද බහුතර ජනතාවගේ බලාරොත්තු ඉටු කිරීමට හෝ  දූෂණයෙන් තොර වැදගත් ගෞරවනීය දේශපාලනයක් වෙනුවෙන් කිසිදු සංවේදි බවත් නායකත්වය තුළ නොතිබූ බව පවසමින් ප්‍රගතිශිලී වෘත්තියවේදීන්ගේ සංගමය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ පොදුජන ඉංජිනේරු පෙරමුණෙන් ඉවත් වූ බවට නිවේදනය කරයි.

එහි සභාපති ලංකා විදුලි බල මණ්ඩලයේ සහ ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයකුව සිටි විජිත හේරත් සඳහන් කරන්නේ තම සාමාජිකයන්ට ජනාධිපතිවරයා පත් කිරීම සහ පොදු ජන පෙරමුණට තුනෙන් දෙකක් බලයක් ලබා දීම වෙනුවෙන් විවිධ තනතුරු වගකීම් ලැබුණද  මෙම වෘත්තීයවේදීන් රජයට උදව් කළේ දෙන තනතුරු ලබාගෙන කට පියාගෙන සිටීමට නොවන බවද අවධාරණය කරයි.

තම සංගමය පොදු ජන ඉංජිනේරු පෙරමුණෙන් ඉවත් විමට හෙතු දක්වමින් මාධ්‍යයට  නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වෙයි.

ඔවුන් නිකුත් කළ නිවේදනය මෙසේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අප පොදුජන ඉංජිනේරු පෙරමුණෙන් ඉවත් වූයේ ඇයි?. අප දැන් කරන්නේ කුමක්ද?                      මෙරටට හිතැති අපගේ ඉංජිනේරුවන් බොහෝ දෙනා අප රට ද කෙටි කලෙකින් දියුණු රටවල් සමග කරට කර සිටිනු දැකීමේ සිහින මැවුවෝ වෙති. ඒ නිසාම අපි බොහෝ දෙනා  ගෝඨාභය රාජපක්ෂයන්  ජයග්‍රහණය කරවන්නට  කැපවීමු.

එතැනින් නොනැවතුණු අප මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක ජනවරමක්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීමටද අපගේ උපරිම ශක්තිය යෙදවූ බව ඔබට මට මතක බව නිසැකය. අපගේ ඉංජිනේරුවරුන් සැලකිය යුතු ප්‍රමාණයකට රාජ්‍ය ආයතනයන්වල   වගකීම් පැවරීම පිළිබඳ පොදුජන පෙරමුණු පක්ෂ නායකත්වයට ස්තූතිවන්ත විය යුතු වුවත්, එසේ ස්තූතිවන්ත වී දෙන දෙයක් ගෙන කටපියාගෙන ඉඳීම අපගේ ඓතිහාසික වගකීම නොවන බව අපගේ වැටහීමය.

ලැබුණු අතිමහත් බහුතර බලය අයාලේ යන්නට ඉඩ දී දූෂණයෙන් තොර වැදගත් ගෞරවනීය දේශපාලනයක් වෙනුවෙන් වූ බහුතර ජනතා බලාපොරොත්තු දිනෙන් දින බිඳ වැටෙන්නට ඉඩ දීම පිළිබඳ නායකත්වය සංවේදී වූයේ නැත.    සුළුතර විපක්ෂ කණ්ඩායම් අපගේ බහුතර ආණ්ඩුව වෙත දූෂණ චෝදනා එල්ල කරමින් හැසිරෙන්නට පටන් ගත් මුල් කාලයේ සිට අවසාන කාලය දක්වාම ඊට නිසි විදග්ධ පිළිතුරු දිය හැකියි යාන්ත්‍රණයක් පක්ෂය තුළ නොවූ බව මතක් කරන්නේ ඉමහත් කනගාටුවෙනි.

විපක්ෂ කණ්ඩායම් සාධනීය පිළිතුරු දෙමින් අපගේ බහුතර බලය ඔස්සේ රටත් ජනතාවත් දිනවීමට පිඹුරුපත් සකස් කරනවා වෙනුවට, ජනාධිපතිවරයා එක් තැනකට කොටු කොට , ජනවරම ලබා ගැනීමට මුල් වූ අභිලාෂයන් නොතකා හැර සියල්ල කොරොනාව පිට පටවා දමා ඊළඟ ජනාධිපතිවරණයට පක්ෂ නායකත්වය සූදානම් වූ අයුරු මේ අර්බුදයේ මුල බව අපගේ හැඟීමයි.

මේ සියල්ල මෙලෙස පටලවා ගැනීමට හේතු වූයේ ඇති තරම් කාලයක් ගෙන සැලසුම් සහගතව අප වැනි වෘත්තියවේදීන්ගේ සහාය ද ගෙන ජනතා අභිලාෂයන් ඉටු කිරීමට තිබූ අවස්ථාව බුද්ධිමත්ව භාවිතා කිරීමට උවමනාවක් නොතිබීම නිසා බව කල්යත්ම අපට වැටහෙන්නට විය. විපක්ෂ කණ්ඩායම් දිනෙන් දින සිය ප්‍රචාරක වැඩපිළිවෙලේ ජයග්‍රහණ ලබා ගනිත් ම, මතවාදී පරාජය ලත් අප පත් කළ ආණ්ඩුව , අවසානයේ ජනතා පීඩනය තුළින්   අවස්ථාවාදීන් ගෝල්ෆේස් පිටියට ගොනුවී ආණ්ඩුව පන්නා දමන තුරුම කිසිත් කරන්නට බැරිව බෙලහීනව සිටි අයුරු දුටු අප හට ඇති වූයේ අප ගැනම ලැජ්ජාවකි. බලය භාවිතා කරන්නට බැරි කම ද බලය අයුතු ලෙස භාවිත කිරීමද එක ලෙසම වැරදි බව නොවළහා කිව යුතුය.

ආණ්ඩුව නිවැරදි කරගැනීමට ගෙන ආ මිත්‍රශීලී යෝජනා ප්‍රතික්ෂේප වුණු බව ද කනගාටුවෙන් වුව කිව යුතුය. රට ඉල්ලන්නේ දූෂණය තොර කළ ජනතාවට සහනදායිවන නවීන රටක් බව ලුම්පන් ප්‍රාදේශීය දේශපාලකයින් නඩත්තු කරනා නායකත්වයක් කිසිදින තේරුම් ගන්නේ නැත. ජනතා ධනය අයුතු ලෙස විසිකරමින් ජන්ද ජයග්‍රහණය කිරීමේ ඡන්ද මැෂින් රටට සැබෑ ජයග්‍රහණ ගෙන දෙන්නේද නැත.

නිදහස් අධ්‍යාපනයෙන් ඵල ලබා ඉංජිනේරුවන් සහ විද්වතුන් වූ අප හට අරගල කරන්නට හඬක් නැති පොදු මහ ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීමේ සමාජ වගකීමක් ඇති බව සියලු දෙනා දැනගත යුතුය. ජනතා බදු මුදල් නිසි පරිදි යොදවන යාන්ත්‍රණ කෙටි කලකින් සකස් විය යුතු අතර රට තුළ  කටයුතු සිදු කිරීමේදී ප්‍රමුඛතා අනුපිළිවෙල හඳුනා ගැනීම අත්‍යවශ්‍යම දෙයක් බව පොදු මහජනතාවගේ වැටහීමයි.

අවස්ථාවදී කපටි දේශපාලන උපක්‍රම වලින් නොව බහුතර ජනතා කැමැත්ත තුළින් අවංක දේශපාලකයින් රට පාලනය කරනු දැකීම මේ මොහොතේ ලක් මාතාව ඉල්ලන බව පැහැදිලිව කිව යුතුය. රටෙත් ජනතාවගෙත් හද ගැස්ම හඳුනාගත් වෘත්තිකයින් වන අප හට තවදුරටත් හෘදසාක්ෂියට වද දෙමින් දූෂිත දේශපාලන පක්ෂ තුළ සිටීමේ කිසිදු උවමනාවක් නැති බව සැකෙවින් ම කිව යුතුය. ඒ වෙනුවට පිරිසිදු ප්‍රතිපත්තිගරුක වෘත්තික භාවයෙන් යුත් පුළුල් වෘත්තික පෙරමුණත් සෑදීමටත් පිරිසිදු වෘත්තිකයින් දේශපාලන කරලියට ගෙන ඒමටත් අප කැපවී සිටින බව මේ මොහොතේ සඳහන් කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පති පුටුවට බලපොරය මඩ ගොහොරුවක් හදයි….

Next Post

වාහන කීපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයකට… ජාතික ඉන්ධන බලපත්‍රය යාවත්කාලීන වේ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.