අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රකාශන හිමිකම් තනියම ලබා ගන්න විශේෂඥ සහය නැතිව දිඹුලාගල සෙල් ලිපිය කියවන්න ගිය පුරාවිද්‍යාවේ ස්වයං ප්‍රකාශිත පුරාවිද්‍යාඥයන් නාගෙන…

by editor
දෙසැම්බර් 23, 2023
in පුවත්
dimbulagal
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මෑත ඉතිහාසයේ වඩාත්ම ආන්දෝලනයට ලක් වූ ලංකාවෙන් මෙතෙක් හමුවන දි දැවැන්තම සෙල් ලිපිය වන දිඹුලාගල සෙල් ලිපියේ  ප්‍රකාශන ගෞරවය ලබා ගැනීම සඳහා කිසිම විශේෂඥ සහයක් ලබා නොගත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛණ හා නානක විද්‍යා අංශයේ ස්වයං ප්‍රකාශිත  පුරාවිද්‍යාඥයන් කණ්ඩායමට එහි   අක්ෂර කියවා ගත හැකි නමුත් අන්තර්ගතය සම්බන්ධව ශාස්ත්‍රීය අර්ථ නිරූපණයක් ලබා දිය නොහැකිව හත්පොලේ ගාගෙන දඟලමින් සිටින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි දරවු කරයි.

මෙම සෙල් ලිපිය සම්බන්ධව අතිශය අභූත ප්‍රලාප යම් යම් කණ්ඩායම් විසින් සමාජගත කරමින් තිබෙද්දී කළ යුතුව තිබුණු වැදගත්ම දේ වූයේ ජාතික වශයෙන් වැදගත්කමක් සහිත මෙම ලේඛණය රටේ සිටින ඒ පිළිබඳ ශාස්ත්‍රීය ප්‍රමාණිකයන්ගේ සහය ඇතිව නිශ්චිත අර්ථ නිරූපණයක් ලබා ගැනීමය.

ඒ සඳහා අක්ෂර මාලාව කියැවීමට ඇති හැකියාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර සෙල් ලිපි විකාශනය, එක් එක් යුගයන්හි වචනවලින් ප්‍රකාශිත අර්ථ භාවිතය, මෙන්ම වෙනත් වැදගත් සෙල්ලිපි සමග සන්සන්දනාත්මකව අර්ථ නිරූපණය කිරීම අවශ්‍ය වන අතර එය අතිශයින්ම ගැඹුරු ශාස්ත්‍රීය කාරණාවකි.

dimbulagal

එහෙත් සෙල්ලිපි  සම්බන්ධව දැනට ලංකාවේ සිටින ප්‍රමාණිකයන්වන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, පශ්චාත් පුරාවිද්‍යා ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු විද්වත් කණ්ඩායම්වල දැනුම සහ අත්දැකීම ලබා ගැනීම ප්‍රතිෂේප කර එය තමන් විසින්ම ලිපිය කියවා ප්‍රකාශ කිරීමේ ගෞරවය ලබා ගැනීමට උත්සාහ කරන අභිලේඛණ හා නාණක විද්‍යා අංශයේ වැඩ බලන සහකාර අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම මෙම සෙල්ලිපියේ පිටපත් පුරාවිද්‍යා දෙපාරත්මේන්තුවටවත් රැගෙන නොපැමිණ වැලිවේරිය ශ්‍රී  පූර්වාරාම විහාරයේ අලවා එය කියැවීමට උත්සාහ කර ඇතැයි ද අනතුරුව මේ ආකාරයෙන් අශාස්ත්‍රීය නා ගැනීමක් සිදුකර ඇතැයි ද  පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අභ්‍යන්ත ආරංචි මාර්ග හෙළි කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අවසානයේ දී අක්ෂර කියවා ගත හැකි වුවද එහි අර්ථ නිරූපණය ප්‍රකාශ කිරීමට මේ කණ්ඩායමට නොහැකි වී ඇත.  කෙසේ වෙතත් අභිලේඛණ හා නාණක විද්‍යා අංශයේ හිටපු ගෞරවණීය විද්වතෙක් වූ ආචාර්ය මාලනී ඩයස් එම ස්ථානයට රැගෙන විත් තමන්ට කියවා ගත නොහැකි වූ අලුත් වචන සංඛ්‍යාවක් කියවාගෙන ඇති බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. ඇය දැනට පසුවන අසනීප තත්ත්වය හේතුවෙන් දීර්ඝ ශාස්ත්‍රීය කටයුත්තක් කිරීමට ඇයව සම්බන්ධ කරගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

මෙම සෙල්ලිපිය සම්බන්ධව විමසමින් දුරකථන ඇමතුම් විශාල සංඛ්‍යාවක් දෙපාර්තමේන්තුවට ලැබෙමින් ඇති නිසා  වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මේ වනවිට පවතින ප්‍රමාදය  පිළිබඳව      අභිලේඛණ හා නාණක විද්‍යා අංශයේ   වැඩබලන සහකාර අධ්‍යක්ෂවරයාගෙන් කරුණු විමසීමක් සිදුකර ඇත. එම කරුණු විමසීමට තවත් හේතුවක් වන්නේ  සති තුනක් තුළ සෙල් ලිපිය කියවා අර්ථ නිරූපණයක් ඉදිරිපත් කරන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ බැවිනි.

කෙසේ වෙතත්     වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියගේ කරුණු විමසීමෙන් පසු මේ වනවිට එක් එක් විද්වතුන් සෙල් ලිපිය සම්බන්ධව දරනමතය ප්‍රකාශ කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තවේ අභිලේඛණ හා නාණක විද්‍යා අංශ ඉල්ලා ඇතැයි වාර්තා වේ.

දැනගන්නට ඇති පරිදි සෙල් ලිපියේ ඇත්තේ පේළි 10කි. එක් පේළියක් අඩි 57ක් දිගය.   මුල් පේලි දෙක යම් කිසි හායනයකට ලක් වී ඇත් බවත් එහි පුද්ගල නාම විශාල වශයෙන් අන්තර්ගත බවත්, මෙතෙක් ලංකාවේ සෙල් ලිපි ඉතිහාසයේ හමු නොවූ වචන ප්‍රමාණයක් ද තිබෙන බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

විෂය සම්බන්ධව විධග්ධ  සාධනීය දැනුමක් රහිත පුරවිද්‍යා දෙපාර්තමේන්තුවේ  කුහකයින් පිරිසක් විසින්  ප්‍රකාශන අයිතිය තනියම හිමි කරගැනීමට විද්වත් ශාස්ත්‍රීය මගපෙන්වීම නොගෙන රටේ වැදගත්ම ලිඛිත ජාතික උරුමයකට  සිදුකරමින් ඇති අපරාධය හේතුවෙන් මේ වනවිට සෙල්ලිපිය සඳහා නිල අර්ථ නිරූපණයක් ලැබී නැති බවත් ඒ හේතුවෙන් මේ සම්බන්ධ අතිශය වැරදි දුර්මත සමාජගත වීම වළක්වා නොගැනීමේ ජාතික අපරාධයට මේ කණ්ඩායම වගකිව යුතු බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපේක්ෂා රෝහලේ තවත් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයක් බිඳ වැටේ… මේ වනවිට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 02ක් සහ පෙට් ස්කෑනර් යන්ත්‍රය බිඳ වැටිලා…

Next Post

කාලයකට පසු අද  මහනුවර රෝහලෙන් කොවිඩ් මරණයක් වාර්තා වෙයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.