දින 12කට පෙර ඊශ්‍රායලය විසින් ගාසා තීරය විනාශකාරී වැටලීමක් ආරම්භ කිරීමෙන් පසු හදිසි මානුෂීය ආධාර රැගත් පළමු ට්‍රක් රථ පෙළ, අද (21) ඊජිප්තුවේ සිට එන්ක්ලේව් වෙත ඇතුළු විය.
මේ ඇතුළුවීම සිදුවන්නේ පලස්තීනයේ බටහිර ඉවුර ද ඉලක්ක වන පරිදි රාත්‍රිය පුරා සිදුකරනු ලබන ඊශ්‍රයාල ප්‍රහාර මාලාවකින් සිය ගණනක් නිරායුධ පලස්තීන සිවිල් වැසියන් ඝාතනයවන අතරවාරයේය.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මේ සතිය මුලදී කියා සිටියේ ආධාර ට්‍රක් රථ 20 ක් ඊජිප්තු දේශ සීමාවේ ගාසා හි රෆා දේශසීමා ස්ථානය හරහා ගමන් කිරීමට ඊශ්‍රයාලය සමග එකඟතාවයකට පැමිණ ඇති බවය. ඊයේ ඔහු කීවේ එම පළමු ට්‍රක් රථ සමූහය පැය 48 ක් ඇතුළත ගාසා තීරය වෙත ගමන් කරනු ඇති බවය.

සහන ලබා දීම සඳහා වූ කොන්දේසි පිළිබඳව දින ගණනාවක් පැවති රාජ්‍ය තාන්ත්‍රික පොරබැදීමෙන් පසු දැඩි ලෙස ශක්තිමත් කරන ලද දේශ සීමා සහිත ගාසා ප්‍රදේශයට පැමිණුන පළමු ට්‍රක් රථ 20 න් 15 ක් රතු කුරුස සංගමය හා අනුබද්ධ පලස්තීනයේ මානුෂීය සංවිධානයක් වන රෙඩ් ක්‍රිසන්ට් සංවිධානය විසින් පරීක්ෂා කර භාර ගෙන ජනගහණය අධික ප්‍රදේශවෙත යැවීමට සූදානම් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ, පලස්තීන රෙඩ් ක්‍රසන්ට් සංවිධානය වෙත ලැබෙන සහ බෙදා හැරීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජීවිතාරක්ෂක සැපයුම් මෙම රථ සමූහට ඇතුළත් වූ බවය.

බෙදා හැරීමට ඖෂධ සහ සීමිත ආහාර ප්‍රමාණයක් ඇතුළත් වූ නමුත් ඊට ඉන්ධන ඇතුළත්ව නැතැයි ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය පවසා තිබේ. පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දෙන්නේ මෙම ඉන්ධන නොමැතිකම ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයින් ඇතුළු රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළන අයුරුය. රොයිටර් වාර්තා කරන ආකාරයට ඉන්ධන නොමැතිකම මත ගාසාහි වෛද්‍ය මධ්‍යස්ථාන 14ක් දැනටමත් මෙහෙයුම් අත්හිටුවා ඇත.
මෙම මානුෂීය ආධාර ප්‍රමාණය ගාසා තීරයේ අත්‍යාවශ්‍ය දේවලින් කුඩා කොටසක් පමණක් බවත්, ඊශ්‍රායලයේ “සම්පූර්ණ වටලෑම” නිසා එහි මිලියන 2.3 ක ජනතාවට ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන හිඟ වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එම සංවිධානය පෙන්වා දෙන්නේ මෙය මහා මානුෂීය ව්‍යසනයක් බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව හදිසි ජීවිතාරක්ෂක අවශ්‍යතා ආවරණය කිරීම සඳහා දිනකට අවම වශයෙන් ට්‍රක් රථ 100 ක් අවශ්‍යය. “ ඕනෑම ආධාර මෙහෙයුමක් පරිමාණයෙන් තිරසාර විය යුතුයි ..” එක්සත් ජාතීන්ගේ නිලධාරීහු පවසති –
ඊශ්‍රායලය දිවා රාත්‍රියේ විනාශකාරී බෝම්බ හෙලීමත් සමඟ දැන් එය තවත් ඉහළ මට්ටමක පවතී.