අනතර්ජාලය කැළඹූ පහන්තුඩා ඇල්ලේ අසභ්‍ය වීඩියෝවේ ලිංගික දර්ශන සඳහා පෙනී සිට කාන්තාව සොයා මුලින්ම විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවත් දැනට සැක සහිත තරුණියන් කිහිපදෙනෙක් පිළිබඳව විශේෂ අවධානය යොමු වී ඇති බවත් පොලිස් පරිගණක අපරාධ අංශ ආරංචි මාර්ග පවසයි.
පසුගිය වකවානුව තුළ තනිවම මෙම ස්ථානය වෙත ගොස් ඡායාරූප රැගෙන අන්තර්ජාලයේ පල කළ තරුණියන් කිහිපදෙනෙක් සම්බන්ධව විමර්ශකයන්ගේ විශේෂ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
එම වකවානුව තුළ මෙම ස්ථානය ආවරණය කෙරෙන දුරකථන කුළුණු හා ජාලා විමර්ශනය ඇතුළත් පරීක්ෂණයක් වෙනම දියත් වී ඇති බවත්, සමාජ මාධ්‍ය ජාලාවල සහය ද රැගෙන මෙම විමර්ශනය කෙරීගෙන යන බවත් එම ආරංචි මාර්ග කියයි.
ඉතා නුදුරේ දීම මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් හඳුනා ගත හැකි බව විමර්ශකයෝ විශ්වාසය පල කරයි.