පසුගිය දින 10 තුළ ජූලි 25 සිට වාර්තා වූ ආසාදිතයන් 21344ක් බවත් සිදුව ඇති මරණ ගණන 591ක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය. මෙම දින 10 තුළ 134179ක් පීසීආර් පරීක්ෂණ සිදු කර ඇති බවත් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන රෝගීන් ගණනේ ඉහළ යාමක්ද පෙන්නුම් කරන අතර ජූලි 23 වැනිදා 23804ක් වූ මෙම සංඛ්‍යාව අගෝස්තු පළමුවැනිදා වනවිට 30017ක් ලෙස ඉහළ ගොස් ඇති බවදස සඳහන් කළාය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරිය දැඩි සත්කාර ඒකක වල 140ත් 150ත් අතර කළමනාකරණය කර ගැනීමට හැකිව ඇති බව සඳහන් කළාය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය
“පසුගිය සතිය තුළ ගෝලීය ව මෙන්ම ද ආසියාතික කලාපය තුළ කොවිඩ් රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබුණා ලංකාව තුළ ද වැඩි වීමක් දක්නට ලැබුණා. දිනකට1000ක් 1500ක් වාර්තා වුණත් පසුගිය සතිය තුළ එමස සංඛ්‍යාව 2000ත් 2500ක් තරම් ඉහළ අගයක් ගෙන තිබෙනවා.
එන්නත්කරණය පිළිබඳව සැලකීමේදී සමස්ත ජනගහණයෙන් වයස අවුරුදු 30ට වැඩි සියයට 86කට කුමන හෝ පළමු මාත්‍රාව දී තිබෙනවා. සියයට 18කට දෙවන මාත්‍රාව එන්නත්කරණය සම්පූර්ණ කර තිබෙනවා. වයස අවුරුදු 30ට වැඩි එක මාත්‍රාවක් හෝ එන්නත්කරණයට කටයුතු සම්පාදනය කර තිබෙනවා. දෙවන මාත්‍රාව දෙන්නටත් සැලසුම් කර තිබෙනවා. යයිද පැවසීය.