බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පස් පඩංගුවේ කුජීතයි… ඉනිමයි ලකුණු 222කින් පරාදයි!

by editor
ජූලි 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

රට ඉල්ලුවේ ගෞරවණීය පරාජයකි. එහෙත් තමන්ගේ රටේ තමන්ගේ ක්‍රීඩාංගනවල, තමන්ට උචිත ලෙස සකස්කරගත් තණ තීරු මත තමන්ම කාසියේ වාසිය දිනාගෙන තරග කිරීමට පැමිණ ඉනිමකින් හා ලකුණු 222ක් පැරදී කුජීත වූ පසු ඔවුන් අපට කුමක් කියන්න සූදානම් දැයි වැටහෙන්නේ නැත.

මුල් ඉනිම ශ්‍රී ලංකා පිල පන්දු ඕවර 48ක් තුළ ලකුණු 166කට දැවී ගියේය. පිළිතුරු ලෙස පකිස්ථාන කණ්ඩායම කඩුළු 05කට ලකුනු 576ක් රැස් කළේය. අබ්දුල්ලා ෂාෆිකියු ලකුනු 202කි. අඝා සලමන් නොදැවී ලකුණු 132කි.  දිවා ආහාරයට පෙර පකිස්ථාන කණ්ඩායම සිය ඉනිම අත්හිටුවා ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරන්නට දෙන විට ලකුණු 410ක් ඉදිරියෙනි. ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 410ක් ලබා ගත යුතු විය. අදත් හෙටත් ඉතිරිව තිබිණි.

පකිස්ථානු වමත් ඔතඩොක් පන්දු යවන්නා, නෝමන් අලි ලකුණු 70කට ශ්‍රී ලංකා කඩුළු 07ක් බිඳ හෙළුවේය…

එහෙත් අද තරගය නිමා වීමට දෙපැයකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු  188කට දැවී ගියේය. මුහුණ දුන්නේ පන්දු ඕවර 67.4කට පමණි. පකිස්ථානු වමත් ඔතඩොක් පන්දු යවන්නා, නෝමන් අලි ලකුණු 70කට ශ්‍රී ලංකා කඩුළු 07ක් බිඳ හෙළුවේය.  ඉතිරි කඩුළු 03 විසි හැවිරිදි  දකුණත් වේග පන්දු යවන්නා,  නසීම් ෂා විසින් දවා ගත්තේය.

ඈන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 63ක් ලැබුවේය. කණ්ඩායමේ 08 දෙනෙක් ලකුණු 16ට අඩුය. ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක 31ක් නායක දිමුත් කරුණාරත්න 41ක් ලැබුවේය. එපමණි.

තරගයේ වීරයා අබ්දුල්ලා ෂාෆිකියු ය.  තරගාවලියේ වීරයා ආඝා සලමන්ය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අප මේ ගහන්නේ අහවල් ක්‍රිකට් දැයි දැන් අපේ කණ්ඩායම නිවාඩු පිට කල්පනා කළ යුතුය. තරගය ක්‍රීඩා කලේ දවස් තුනකි. හෙට ඔවුන්ට නිවාඩු දවසක් නිසා කල්පනා කරන්නට කාලයත් තිබේ.  අප එසේ කියන්නේ මේ ඔවුන්ගේ වෘත්තිය බැවිනි. කෝටි දෙකක් වන අප වැනි මිනිස්සුන්ට ක්‍රිකට් ගහන්න බැරි නිසා අපේ කෝටි දෙක අතරින් හොඳම 11 තොරාගෙන අප නියෝජනය කරන්නට ඔවුන් පිටියට බැස ඇති බැවිනි.

පරාජය පිලිගත යුතු බව අපි ලියා තබා ඇත්තෙමු. එසේ කතා කළ හැක්කේ පිළිගත හැකි පරාජයක් ගැන පමණි. අප ඉල්ලුවේ ජයග්‍රහණයක් නොව. පිළිගත හැකි පරාජයකි.

එහෙත් ඔවුහු අපව පස් පඩංගුවේ කුජීත කළහ. ඒ ගැන දුකය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චක්‍රලේඛ උල්ලංඝණය කර තමන්ගේම පන්තියේ දරුවන්ට ටියුෂන් දුන් මධ්‍යම පළාත් පාසල් ගුරුවරු 08කට දඬුවම්!

Next Post

තව මාස 02ක් යනතුරු රජයේ රෝහල්වල විදුලිය විසන්ධි කරන්නෙ නෑ… ලංවිම සහතික වෙයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.