නඩු කටයුත්තක් සඳහා ගම්පහ උසාවියට පැමිණ නැවත යමින් සිටි පාතාල අපරාධකරුවෙක් වූ පස්පොඩ්ඩා නැමැති අය ගමන් ගත් වෑන් රථයට ගම්පහ උසාවිය අසල නගර සභා ක්‍රීඩාංගනය ඉදිරියේ දී අද ( 27) මීට ස්වල්ප වෙලාවකට පෙර එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සිව් දෙනෙක් තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩි පහරට ලක් වූ පස් පොඩ්ඩා ඇතුළු සිවු දෙනාගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආංචි මාර්ග පවසයි.
වැගන් ආර් රථයකින් පැමිණි වෙඩික්කරුවෙක් ටී 56 ගිනි අවියකින් පස්පොඩ්ඩා ඇතුළු පිරිස ගමන් ගත් වෑන් රථයට වෙඩි තබා ඇත.
මෙම ප්‍රහාරය මාකිලංගමුවේ සංජීව විසින් ඩුබායිහි සිට කුලී ඝාතකයෙක් යොදා මෙහෙයවන ලද්දක් බව පොලිසිය සැක පහළ කරයි.
Discussion about this post