මීට ස්වල්ප වෙලාවකට පෙර කැබිනට් ඇමතිවරු ලෙස පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් දිවුරම් දුන්හ.
මහින්ද අමරවීර ඉල්ලා අස්වුණු වනජීවී හා වන සම්පත් අමාත්‍ය ධූරයේ පවිත්‍රා වන්නිආරච්චි ද, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍යාවරයා ලෙස ජීවන් තොණ්ඩමන් ද ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දුන්නෝය.
රාජිත සේනාරත්න අද කැබිනට් අමාත්‍ය ධූරයක දිවුරුම් දීමට නියමිතව සිටිබව අභ්‍යන්තර ආරංචි මාරග් කීවේය. ඔහුට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලැබෙනු ඇති බවට දේශපාලන අංශ ඉඟි පල කළේය. කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ල දැරූ සෞඛ්‍ය හා ජල සම්පාදන අමාත්‍ය ධූරවලින් එක් අමාත්‍ය ධූරයක් වූ ජල සම්පාදන අමාත්‍ය ධූරයේ වගකීම ජීවන් තොණඩමන් වෙත පවරා තිබේ.