බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පවන තේරුණේ නැති අයට සුනිල් පෙරේරාගේ වචන හොඳට දැනුණා… ආචාර්ය රෝහණ වීරසිංහ

සුනිල් පෙරේරාව විඳපු හැටි ආචාර්ය රෝහණ වීරසිංහ ලංකාසරට කියයි...

by editor
සැප්තැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

සුනිල් පෙරේරා නික්ම ගොස්ය. මේ නික්ම ගිය මිනිසා කවරෙක් දැයි මේ රටේ මිනිස්සු හරියටම දැන සිටි බව අප විශ්වාස කරනනේ නැත. ස්වකීය දේශපාලන බැලකම් තෘප්ත නොකරන සියලුම පුද්ගලයින් අපාගත වන්නට ප්‍රාර්ථනා කරන කුඩු වී විනාශ වී යන්නට ප්‍රාර්ථනා කරන නොමේරූ කළල බඳු අර්ධ මනුෂ්‍යයන් සහිත වටපිටාවක සුනිල් පෙරේරා කවුදැයි මේ රටේ අප ගරු කරන ජීවමාන අග්‍රේසර සංගීතඥයා වූ  අචාර්ය රෝහණ වීරසිංහයන් අපට කීවේය.

මේ ඔහු හා කළ සංවාදය ය.

  • සංස්කෘතිය ගැන කතා කරනවා නම් මේ රටේ නාලිකා ඔක්කොම වහලා දාන්න ඕනෑ නේ. ජනප්‍රිය සංස්කෘතියත් රටක තියෙන්න ඕනෑ. සංස්කෘතිය ඕනෑවට වඩා කර ගහගෙන සමාජයක ගමන් කරන්න බෑ. ඒක වෙනස් වෙනවා. වෙනස් වන සංස්කෘතිය සුනිල් පෙරේරා යොදා ගත්තේ සමාජ ප්‍රගමණය සඳහා මිස රට, ජාතිය, ආගම, සහජීවනය වැනසීමට නෙවෙයි. ඔහුගේ නිර්මාණ වටින්නේ ඒ නිසයි. ඔහුගේ හිඩස පිරවිය හැකි කෙනෙක් පේන මානයකවත් නෑ

සුනිල් පෙරේරා පිළිබඳ ඔබගේ මුල් මතකය කෙබඳු ද……?

පිළිතුර –  හැත්තෑ ගණන්වල අග වගේ නව රඟහලේ සුනිල් පෙරේරාගේ සංගීත ප්‍රසංයක් තිබුණා. බටහිර ආරේ අලුත් සංගීත කණ්ඩායමක් බව මට දැනගන්න ලැබුණා. මම ඒක බලන්න ගියා. මං හරි ආසාවෙන් ඔවුන්ගේ ‘ලාභයටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා…’ කියන ගීතය රසවින්දා. ඒ ගීතයේ හරි අපූරු නිර්මාණශීලී බවක් තිබුණා. ජනප්‍රවාදයේ එන දේවල් ඔහු හරි ලස්සනට, මිනිස්සුන්ට දැනෙන විදිහට ගීතයට නගලා තිබුණා. තාක්ෂණික පැත්තෙනුත් එයාලාගේ නිර්මාණවල ලොකු වෙනස්කම් තිබුණා. කුරුමිට්ටෝ වගේ ගීතයක ඒ වෙනස හොඳට ම දකින්න ලැබුණා. පිට රටවල සංස්කෘතිය එක්ක බටහිර සංගීතයට නැඹුරු වුණු සංගීත ආරක් ජිප්සීස් කණ්ඩායමේ නිර්මාණවල දකින්න ලැබුණා.”

ප්‍රශ්නය – පෙරදිග සංගීත ශෛලියට නැඹුරුවක් දැක්වූ ඔබ ‘ජිප්සීස්’ ප්‍රසංගය නරඹන්න ගියේ ඇයි…?

පිළිතුර – “මම හැම ආරක ම නිර්මාණ රසවිඳිනවා. අලුත් දෙයක් ආවොත් කොහොමත් ඒ ගැන උනන්දු වෙනවා. ඒ කාලේ සමාජයේ ලොකු පෙරළියක් ඇති කරන්න ජිප්සීස් කණ්ඩායමට හැකි වුණා.”

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ප්‍රශ්නය –  සුනිල් පෙරේරාගේ ගීතවල වචන භාවිතයේ වෙනස්කම් ඔබ දකින්නේ කෙසේ ද….?

පිළිතුර – සුනිල් පෙරේරා මුල ඉඳල ම සමාජ අසාධාරණය පෙන්නන්න බැරි කෙනෙක් විදියටයි මට නම් පෙනුනේ. කුණු වෙච්ච දේශපාලනය ගැන කෙලින් ම ඔහු කිව්වා. දේශපාලනඥයින්ටත්, සමාජයටත් දැනෙන විදිහට ඔහු තමන්ගෙ නිර්මාණවලට වචන යොදා ගත්තා. ඔහු ඉවසීමෙන්, සැර බාල කරලා ඒවා කියන්න ගියේ නෑ. ඔහු කියන්න ඕන දේ කෙලින්ම කිව්වා. නමුත් 88- 89 කාලවලදී සමාජයේ ඇති වෙච්ච දේශපාලන සමාජ වෙනස්කම ගැන නම් ඔහු කතා කරලා තිබුණෙ නෑ. ඒක නම් මට පොඩි ප්‍රශ්නයක් තමයි.”

ප්‍රශ්නය –  සුනිල් පෙරේරා මේ රටේ දේශපාලනය දැඩි ලෙස විවේචනය කිරීම සාධාරණ ද…?

පිළිතුර – නන්දා මාලිනී – සුනිල් ආරියරත්න එකතුවෙන් ‘පවන’ ගීත එකතුව කළා. ‘පවන’ කියන්නේ තනිකර ම දේශපාලන විවේචනක් හා එවකට පැවති දේශපාලනයට දැඩි ලෙස බලපෑමක් කළ ගීත එකතුවක්. ඒ නිසා ම නන්දා -සුනිල් දෙදෙනාට ජීවිත තර්ජන පවාඑල්ල වුණා. ඔවුන් කාලයක් විදේශ රටකට ගොස් රහසිගත ව ජීවත් වුණා. සුනිල්පෙරේරාගේ ගීතත් ඒ වගේම තමයි. වෙනසකට තිබුණේ සුනිල් පෙරේරා ඒ විවේචන, පහර ගැසීම් අමුවෙන් ම තමන්ගේ ගීතවලින් කිව්වා. ‘පවන’ තේරුණේ නැති අයට සුනිල් පෙරේරාගේ වචන හොඳට දැනුණා.”

ප්‍රශ්නය – ඔහු දේශපාලන චරිත වේදිකාවේ නිරූපණය කිරීම ගායන කාර්යය අභිබවා යාමක් නෙවෙයිද…?

පිළිතුර – ගායකයා විසින් ම රඟපාමින්, නටමින් ගීත ගායනා කිරීම ජාත්‍යන්තරයේ තිබුණා. ඔහු ඒ අත්දැකීම ලංකාවට ගැලපෙන විදිහට අරගෙන ආවා. අපේ රටේ නායකයෝ ඒවා බලන්නත් ගිහිල්ලා තිබුණා. ඔවුන් ඒව බලලා විනෝදයක් ලැබුවා. නමුත් ඒව දිරවන්නෙ නැති ඇමතිවරයෙක් ඒ කාලේ ඔහුට බරපතල විදිහට තර්ජනය කරලා තිබුණා. ඔහු සුප්‍රසිද්ධ මැර දේශපාලඥයෙක් හැටියට ප්‍රකට ව සිටි කෙනෙක්.

සුනිල්පෙරේරා දවසක් මට කතා කරල කිව්වා හැඳුණුම්කමක්  තියෙනවා නම් ඒ දේශපාලනඥයාට තේරුම් කරලා කියන්න මේක මඩ ගැහිල්ලක් නෙවෙයි විනෝදාස්වාදය සහිත නිර්මාණයක් විතරයි කියලා. ඔහු ඒ දේශපාලඥයන් එක්ක කතා කරන්න, හැප්පෙන්න ගියේ නෑ. තමන් කරගෙන ගිය දේශපාලන විවේචන අතහැරියෙත් නෑ. රාජ්‍ය මාධ්‍ය හරහා ඔහුගේ ගීත ප්‍රචාරය කිරීම එක්තරා අවස්ථාවකදී තහනම් කර තිබුණා. නමුත් ඔහු ඒවා ගණන් ගත්තෙ නෑ. ඔහුගේ වැඩ ඔහු නිර්භීත ව දිගට ම කරගෙන ගියා.”

ප්‍රශ්නය – සමාජය කිසි ම වෙලාවක සුනිල් පෙරේරා ව ප්‍රතික්ෂේප කළේ නැහැ නේද…?

පිළිතුර – සමාජයේ විවිධ රසයන් විඳන සමාජ කොටස් ඉන්නවා. සුනිල් පෙරේරාගේ ගායන සංගීත ශෛලියට ආදරය කළ අතිවිශාල ජන සමූහයට සාහිත්‍යයමය හා ව්‍යක්ත ලෙස නොවුණත් ඔහු තම නිර්මාණ හරහා එම රසවිඳින්නය උපරිමයෙන් ලබා දුන්නා. ඔහුගේ සංගීත ශෛලිය සහ මගේ ශෛලිය අතර ලොකු පරස්පරතාවයක් තියෙනවා. ඔහු බටහිර සංගීතයේ පොප්, හිපොප්, රෙගේ, ජෑස් වගේ ම බයිලා සංගීතයත් ඔහුගේ නිර්මාණවලට යොදා ගත්තා. ඔහුගේ ගීතවල වචන භාවිතය ඉතාමත් සරළ වගේ පෙනුනට මිනිසුන්ට, සාමාන්‍ය සමාජයට ඒ වචන හොඳට ම ගැලපුනා.

අද ලෝකය ම ගෝලීයකරණය වෙලා ඉවරයි. ලෝකයේ හැම නිර්මාණයක් ම ඕනෑ ම කෙනෙකුට රසවිඳින්න පුළුවන්. ඕනෑවට වඩා මිනිස්සු රාමුගත කරලා සමාජයක තියන්න බෑ. තමන්ට ඕන දේ මිනිස්සු කොහොම හරි ළඟා කර ගන්නවා. අනිත් දේවල් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. හැම ජාතියක ම දේවල් මිනිස්සුන්ට තියෙන්න ඕනේ. ඕනෑ ම දෙයක් රසවිඳින්න නිදහස සමාජයක තියෙන්න ඕනෑ. එහෙම නොවුණා ම තමයි කුහකකම් ඇති වෙන්නේ.

ලෝකෙ කිසිම රටක ඔවුන්ගේ සංස්කෘතියට පටහැනි සංස්කෘතිකමය නිර්මාණ බැහැර කරලා නෑ. කැමති අය ඒවා රසවිඳිනවා. අකමැති අය ප්‍රතික්ෂේප කරනවා. හැම දෙයක් ම උපේක්ෂා සහගතව අත්දකින්න සමාජයක් පුරුදු වෙන්න ඕනේ. තමන්ගේ නිර්මාණය විතරක් සමාජයේ තිබිලා වැඩක් නෑ. සමාජයේ දැඩි විවේචන අපහාස තිබුණත් සුනිල් ඒවා සත පහකටවත් ගණන් ගත්තේ නැහැ. කිසි දෙයක් ඇඟට ගත්තෙත් නැහැ.”

ප්‍රශ්නය – ගී පද රචකයින්ට සුනිල් පෙරේරා සාධාරණය ඉටු කළ බව ප්‍රකටයි නේද…..?

පිළිතුර –  ගීත රචකයින්ට කර්තෘ භාග ගෙවීම කාටත් පෙර අප්‍රසිද්ධියේ ම කළ බව මා හොඳින් ම දන්නවා. ඔහුගේ ජනප්‍රිය වෙච්ච ගීතවලට පද රචනා කළ ශිල්පීන්ට හොඳ ගෙවීමක් ඔහු කළා. ඒවගේ ම ඔවුන්ගේ දුක සැප බලන්න පවා ඔහු ගිහින් තිබුණා.

සුනිල් පෙරේරා ලොකු ගාණක් එයාගෙ ප්‍රසංගවලට අය කළා. ඒ වගේ ම එයාගේ රසිකයින් ඒ විශාල මුදල ගෙවන්න කිසි දවසක මැළි වුණෙත් නැහැ.  ව්‍යාපාරික ඥානය සුනිල් පෙරේරට හොඳට ම තිබුණා. ඒ නිසා එයා සංගීතය ඉතා හොඳින් අලෙවි කළා. අනුන්ගේ දෙයක් හොරකම් කළා, යටි මඩි ගැහුවා කියන කැත නාමය කවදාවත් සුනිල් පෙරේරට තිබුණේ නෑ. ඔහු කරන දේ හරියට වගේ ම ගෞරවනීය ව කළා. කාගෙන්වත් වචනයක් ඇහුවේ නෑ.

1980 ගණන්වල මුල හරියේ ටෙලි නාට්‍යයකට මම නිර්මාණය කළ ‘දිව්‍ය අංගනාවන්ට අපට වාගෙ තරහ යන්නෙ නෑ’ කියන ගීතය ගායනා කළේ සුනිල් පෙරේරා යි. ඔහු ඒ ගීතය ඔහුගේ ප්‍රසංගවල ගායනාකර තිබුණා. මං ඉල්ලන්නෙත් නැතුව ම දවසක් ඔහු මට කතා කරලා මගේ ගෙදරට ම ඇවිත් ඒ ගීතය වෙනුවෙන් මට කතෘ භාග ගෙවලා ගියා.”

ප්‍රශ්නය – ගීතයක අයිතිය සම්බන්ධයෙන් ඔහු වරින් වර පෙනී සිටියා නේද….?

පිළිතුර –  මේ රටේ බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් විවිධ ගැටලු පැන නැගුණු සෑම අවස්ථාවක ම ඔහු ඒ පිළිබඳ ජාත්‍යන්තර මතය පිළිබඳ ව හඬ නගමින් ජාත්‍යන්තර නීතියේ හැටියට ගීතයක අයිතිය පද රචකයාට සහ තනු නිර්මාණ ශිල්පියාට හිමිවිය යුතු බව තදින් ම ප්‍රකාශ කළා. ඔහු ඒ අයිතිය නිසි විදිහට තමන්ගේ නිර්මාණවලදී ආරක්ෂා කරමින් යුතුකම් ඉටු කළා. අපේ රටේ ගීතයේ අයිතිය බොහෝවිට ගායකයාට බැර වෙලයි තිබුණේ. ඔහු එයට තදින් ම විරුද්ධ වුණා.”

ප්‍රශ්නය – අපේ රටේ සංස්කෘතියට ඔහුගේ නිර්මාණ නොගැලපෙන බවටත් ඔහුට විවේචන එල්ල වුණා නේද…?

පිළිතුර –  සංස්කෘතිය ගැන කතා කරනවා නම් මේ රටේ නාලිකා ඔක්කොම වහලා දාන්න ඕනෑ නේ. ජනප්‍රිය සංස්කෘතියත් රටක තියෙන්න ඕනෑ.

ඉන්දියාව දේශීය රාගධාරී සංගීතය දේවත්වයෙන් සලකන රටක් වෙලත් ඔවුන්ගේ චිත්‍රපට කර්මාන්තයේදී හිංසනය, ලිංගිකත්වය දැඩි ලෙස යොදාගෙන තියෙනවා. අපේ රටේ නාලිකාවල තුන් වරුව බණ ඇහෙනවා. නමුත් පාතාලය, මත් ද්‍රව්‍ය, සමාජ අපරාධ, ලිංගික හිංසනයන් හා ඒ ආශ්‍රිත දූෂිත ක්‍රියා මොනතරම් තියෙනවද.

සංස්කෘතිය ඕනෑවට වඩා කර ගහගෙන සමාජයක ගමන් කරන්න බෑ. ඒක වෙනස් වෙනවා. වෙනස් වන සංස්කෘතිය සුනිල් පෙරේරා යොදා ගත්තේ සමාජ ප්‍රගමණය සඳහා මිස රට, ජාතිය, ආගම, සහජීවනය වැනසීමට නෙවෙයි. ඔහුගේ නිර්මාණ වටින්නේ ඒ නිසයි. ඔහුගේ හිඩස පිරවිය හැකි කෙනෙක් පේන මානයකවත් නෑ.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හදිසි රෙගුලාසි මැතිසබේ සම්මතයි

Next Post

හාල් මාෆියාවේ එක් අයෙකුගේ කන්නයක ලාබය කෝටි 500යි

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

Comments 1

  1. REEMUS says:
    වසර 5ක් ago

    Best diiscription about Sunil Perera

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.