පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (07) දිනයේදීත් හෝමාගම කලාප අංක 02 ට අයත් ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව අද පෙරවරු 08.00 සිට රාත්‍රී 08.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇත. දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ජල මූලාශ්‍රවල ජල මට්ටම පහත බැසීම හේතුවෙන් ජල සැපයුම කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.
මෙම පැය 12ක ජල කප්පාදුව හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශවල ජනතාවට ජල සැපයුම අත්හිටුවනු ලැබේ:
- හෝමාගම නගරය
- වෑකන්ද
- පින්කෙත පාර
- වලව්ව පාර
- ගැමුණු මාවත
- අතුරුගිරිය පාර
- ගලවිල වත්ත
- නියඳගල සහ මාගම්මන
- මහකටුවාන, දෙනිය
- දියගම විශ්වවිද්‍යාල පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශ
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව පළ කරන ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, කල්තියා අවශ්‍ය ජලය රැස් කර තබා ගන්නා ලෙසත්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.







