පල්ලේකැලේ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරන සේවිකාවන් 35 දෙනකු පමණ අසාත්මිකතා ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් අද අළුයම සිට මැණික්හින්න රෝහලට ඇතුළත් කොට තිබේ. ඔවුන්ට වමනය, ඔක්කාසර ය හිසදරය සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර ඔවුන් ඊයේ (01) පෙරවරුවේදී කොවිඩ් 19 වසංගතය සඳහා ලබා දෙන ස්පුට්නික් එන්නත ලබාගෙන තිබේ.
ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ආයතන කිහිපයක සේවය කරන මෙම සේවික සේවිකාවන් රෝහල්ගත කිරීමෙන් පසුව දිගින් දිගටම නිරීක්ෂණය කළ බවත් ඔවුන්ට මෙම අසාත්මික ලක්ෂණවලට හේතුව එන්නත ලබා ගැනිම් අතුරුඵලයක් විය නොහැකි බව මහනුවර වසංගතවේද ඒකකයේ වෛද්‍යවරයෙක් ලංකාසරට පැවසීය. ඔවුන්ට එන්නත හේතුවෙන් යම් අසාත්මිකතාවක් හට ගන්නේ නම් එය එන්නත ලබා ගැනීමෙන් අඩුම තරමින් පැය 6කට නොවැඩි කාලයකදී පෙන්නුම් කළ යුතුව තිබූ බවද සඳහන් කළේය. මේ රෝගීන් ගේ තත්ත්වය මේ වනවිට සාමන්‍ය අතට හැරී ඇති බවත් අද දහවල් වනවිට ඔවුන්ට යළි නිවාස වෙත යා හැකි වනු ඇති බත් එම වෛද්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.