මුල් අයිතිකරුවන් වෙත අලි පැටවුන් මුදා හැරීමට නීතිපති උපදෙස් අනුව දුන් නියෝගය කිසි විටක අවලංගු නොකරන බවත් අලි පැටවුන් මුදා හැරීමට පසුගිය 6 වන දින අධිකරණය ලබා දුන් නියෝගය තවදුරටත් වලංගු වන බවටත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.ජේ. ප්රභාකරන් මහතා අද (16) ප්‍රකාශ කර තිබේ.
අලි පැටවුන් මුදා හැරිමට අධිකරණයෙන් ලබා දුන් තීන්දුව දෝෂ සහිත බැවින් ඒ පිළිබඳව කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙස පරිසර සංවිධානයක සාමාජිකයන් මෝසමක් ගොනු කරමින් කරනු ලැබූ ඉල්ලිම් මහේස්ත්‍රාත්වරයා මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්
ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ පෙනී සිවියේය.
මෙහි නඩු භාණ්ඩ ලෙස සඳහන් කර ඇති අලි පැටවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගන්නා අවස්ථාවේදී එම සතුන් භාරව සිටි අයටම ලියාපදිංචි කිරිමට පසුගිය 6 චන දින ලබා දුන් අධිකරණ නියෝගය නීත්‍යනුකූල චන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් නොමැති බවත් තවදුරටත් නඩුව පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත.
එබැවින් ඒ අනුව එම නඩු තින්දුව වෙනස් කිරිමට අවශ්‍ය නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන මෙන් පරිසර සංවිධාන වෙනුවෙන් පෙනී සිවි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටිය ද අධිකරණය එම ඉල්ලීම් ප්‍රතිෂේප කළේය.
පරිසර සංවිධාන කිහිපයක් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ, නීතිඥ රවින්ද්‍රනාත් දෘබ්රේ, නීතිඥ දිලුෂි ද අල්විස් යන මහත්ම් මහත්මීහු අධිකරණය හමුවේ සෙනී සිටියහ.