රක්ෂිත තුළ මියගොස් සිටිය දී දැනට හඳුනාගෙන ඇති වන අලින් පස් දෙනෙකුගේ ඉදිරි විමර්ශන කටයුතුවලට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.පී මාරසිංහ සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්.උඩුවාවල වැඩබලන පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිස්පතිවරයා වෙත දන්වා සිටින්නේ මුරුංගාහිටිකන්ද රක්ෂතියේ වන අලි සිවු දෙනෙක් ද, ගල්ගමු ඇහැටුවැව ප්‍රදේශයේ එක් ඇතෙක් මිය ගිය එක් ඇතෙක් ද හමුවී ඇති බවත් මුරුංගාහිටිකන්ද රක්ෂිතයේ හමුවුන දළ ඇතෙකුගේ දළ යුවල යම් පුද්ගලයින් පිරිසක් විසින් ගලවාගෙන ගොස් ඇති බවත්ය.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ දිගින් දිගටම සිදුවන වන අලි ඝාතනය සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් විශේෂ විමරශනයක් සිදුකර අලි ඇතුන්ට වෙඩි තබන පුද්ගලයින් අත් අඩංගුවට ගෙන නිතිමය පියවර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසය.
මේ සම්බන්ධ ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ SOCO විමර්ශන කණ්ඩායම්වල කඩිනම් සහාය ලබා දෙන ලෙසත්, වන අලි සහ ඇතුන් බහුලව ගැවසෙන රක්ෂිත අවට නීති විරෝධී ගිනි අවි සන්තකයේ තබාගෙන ඉන්නා පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට සිදුකරන විශේෂ මෙහෙයුම් සඳහා පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ ආධාරය ලබා දෙන ලෙසත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා ද සිය ලිපිය හරහා වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.








