පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල සංකේත වැඩ වර්ජනයක නිරත වන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සඳහා වූ ඒකාබද්ධ කවුන්සිලය (JCPSM) පවසයි.
අද පෙරවරු 08.00 සිට පැය 24ක කාලයක් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සඳහා වූ ඒකාබද්ධ කවුන්සිලයේ සභාපති රවී කුමුදේශ් වැඩිදුරටත් කියා සිටියේය
ප්‍රධාන ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියේය.
වර්ජනයේ ප්‍රධාන අරමුණ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිටින කුමන්ත්‍රණකරුවන්ට විරෝධය දැක්වීම වන අතර මාතෘ, පිළිකා, වකුගඩු හා ළමා රෝහල් සහ මානසික සෞඛ්‍ය ආයතනය වැඩවර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ නොවේ.