අක්‍රිය වී ඇති සියලු පළාත් සභා හා ඒවායේ හිටපු මන්ත්‍රීවරුන්ගේ ධූර යළි සක්‍රිය කරන ලෙස ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඊයේ (31) රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළේය.
කොරෝනා වසංගතය හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකිවීම නිසා මෙවැනි යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ලංකාසරට පැවසීය.
පාලන කාලය අවසන් වන අවස්ථාවේ සිටි මන්ත්‍රීවරුන්ගේ ධූර යළි සක්‍රිය කර පළාත් සභා පවත්වාගෙන යා යුතු බව පවසන දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධව මධ්‍යම කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව සඳහන් කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මධ්‍යම කාරක සභාවේ දී ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා කලකිරී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය මට්ටමේ ක්‍රියාකාරීන් ආරක්ෂා කර කර ගැනීම පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කොට තිබේ.