මෙගාවොට් 300ක තාප විදුලි ධාරිතාවක් ජනනය කිරීම සඳහා ඉන්ධන නොමැතිකම හේතුවෙන් විදුලිය විසන්ධි කරන කාලසීමාව වැඩි කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් කළ ඉල්ලීම මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කර තිබේ.
ඒ අනුව හෙට දිනයේ විදුලි කප්පාදුව පැය 7යි විනාඩි 30ක් තෙක් දීර්ඝ කර ඇත.
A සිට L දක්වා කලාපවලට උදෑසන 8.30 සිට පස්වරු 6.30 තෙක් පැය පහක කාලයක් සහ පස්වරු 6.30 සිට රාත්‍රී 11 දක්වා පැය 2යි මිනිත්තු 30 කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.
P සිට W දක්වා කලාප සඳහd උදෑසන 8.30 සිට රාත්‍රි 6.30 තෙක් පැය පහක් සහ පස්වරු 6.30 සිට රාත්‍රී 11 දක්වා පැය 2යි මිනිත්තු 15ක් ලෙස පැය හතයි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.
Discussion about this post