අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පන්තිය තුළ පීඩාවට ලක් කළ සිසුවියක් සිය පන්ති සගයින් 05ක ගේ ජල බෝතල්වලට වස මිශ්‍ර කරලා… ඇයගේ බෝතලයටත් වස මිශ්‍ර කරගෙන… 06 දෙනාම රෝහලේ…

Drinks poison herself, All six students now admitted to the hospital

by editor
අගෝස්තු 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් පන්තියෙන් කොන් කිරීම, අපවාද කොට විහිලු කිරීම සහ පීඩාවට ලක් කිරීම හේතුවෙන් පීඩාවට පත් වූ නාරම්මල ප්‍රසිද්ධ කණිටු විද්‍යාලයක සිසුවියක්   පන්ති සගයන් 05 දෙනෙකුගේ  වතුර බෝතල්වලට වස මිශ්‍ර කර තමන්ගේ වතුර බෝතලයටත් වස මිශ්‍ර කරගෙන පානය කිරීම නිසා එම දරු දැරියන් 06 දෙනාම නාරම්ම්ල මූලික රෝහලට ඇතුළත් කළ  පුවතක් වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

නාරම්මල ප්‍රධාන පෙළේ කනිටු විද්‍යාලයක 10 වැනි ශ්‍රේණියේ  සිසුන් 05ක් සහ එක් සිසුවියක් වස මිශ්‍රිත ජලය පානය කිරීමෙන් පසු  ඊයේ (13) උදේ  නාරම්මල මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.

රෝගී වූ  සිසු පිරිස ජලය පානය කර ඇත්තේ ඔවුන්ගේ වතුර බෝතල් වලින් නිසාත් මෙම සිසුන් හය දෙනා හැරුණු විට පන්තියේ අනෙක් සිසු පිරිසට කිසිම ගැටලුවක් නොවුන නිසාත් මෙම වස කිසිවෙක් හෝ විසින් මෙම සිසුන්ගේ  ජල බෝතල් වෙත මිශ්‍ර කරන්නට ඇතැයි යන සැකය මතු වී ඇත.

පාසලේ සහ රෝහලේ පැමිණිලි මත නාරම්මල පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී අනාවරණය වූයේ මෙවැනි කතාවකි.

සඳුදා උදෑසන රැස්වීමට සහභාගී වූ සිසුන් රැස්වීම නිමා කර පන්ති කාමරයට පැමිණ ජලය පානය කරද්දී කිහිප දෙනෙකුගේ ජල බෝතලවල අප්‍රසන්න දුර්ගන්ධයක් සහිත රසක් පැමිණ ඇත. ඔවුන් වතුර එක් උගුරකට වඩා වතුර නොබී වතුරට යම් කිසි දෙයක් මිශ්‍ර වී ඇති බවට පන්ති භාර ගුරුතුමියට පැමිණිලි කර තිබේ.

සිසු පිරිස  උදේ රැස්වීමට    යද්දී එක් සිසුවියක පමණක් පන්ති කාමරයේ සිට ඇත. ඇය ද මේ අප්‍රසන්න රසය සහ දුර්ගන්ධය සහිත වතුර සහිත ඇයගේ බෝතලයෙන් උගුරු දෙකක් බී සිටි දැරියකි.

එහෙත් ඇය පිළිබඳ උපන් සැකය මත විදුහල විශේෂයෙන්ම එම තත්ත්වය පොලිසියට පැහැදිලි කර තිබේ.

පොලිසිය කළ විමසීමේ දී දැරිය ප්‍රකාශ කර ඇත්තේ මේ සිසුන් නිරන්තරව තමන් පන්තියෙන් කොන් කර විහිලු තහලු කරමින් අපහාස කරන බවය. එය දරාගත නොහැකි තැන නිවසේ තිබූ වල් පැලෑටි නාශක බෝතලයකින් ටිකක් රැගෙන විත් එම සිසුන්ගේ ජල බෝතල්වලට මිශ්‍ර කර තමන්ගේ බෝතලයටද දමා ගත් බවය.

මේ වනවිට එම සිසුන් පස් දෙනා සහ මෙම දැරිය ප්‍රතිකාර සඳහා නාරම්මල මූලික  රෝහලට ඇතුළත්  කර තිබේ.  රෝහල් ආරංචි මාර්ග කියන්නේ කිසිම දරුවෙකුට මොනම ආකාරයක හෝ බරපතල තත්ත්වයක් නැති බවත් වතුර බෝතල්වලට මිශ්‍ර වී ඇත්තේ විෂ වර්ගයෙන් ඉතාම අඩු සාන්ද්‍රණයක් බවත්ය.

මේ පිළිබඳව කළ විමසීමක දී මනෝ වෛද්‍ය වෘත්තිකයින් ප්‍රකාශ කළේ සම වයස් ඛාණ්ඩ හා හැසිරීමේ ඇති සහජය ආශාව බලහත්කාරයෙන් නැති කර දමනවිට එය දරා ගැනීමේ කුසලතාවය මද දරුවෙක්    විශාල මානසික අවපීඩන තත්ත්වයකට පත් විය හැකි බවය.

මෙවැනි අවස්ථා කළමනාකරණය කළ යුත්තේ දැඩි   අවබෝධයකින් බව ද ඔවුහු ප්‍රකාශ කළහ.

සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් නාරම්මල  පොලිසිය විසින් සිදුකරනු ලබයි.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අසල්වැසි ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනය අදයි!

Next Post

මහනුවර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය 77වැනි ඉන්දීය නිදහස් දිනය සමරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.