අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවර දරුවාට ගිනි තැබූ අපරාධකාර පැතුම්ට රැකවරණය දුන් පොලිස් බැලයින් ගැන පැතුම්ගේ මව හෙළි කරයි!

දීර්ඝ ලිඛිත හෙළිදරව්වක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට, ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිට, ආරක්ෂ ප්‍රධානීන්ට යොමු කරයි!

by editor
දෙසැම්බර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අම්පිටිය මීකණුව ප්‍රදේශයේ දී පියා ඉදිරිපිට පාසල් දරුවෙකුට භූමිතෙල් වත්කර පිළිස්සූ අපරාධකරුවන කුරුසකන්දේ පැතුම් හෙවත් බී.පී.සංජීව නැමැත්තා   මේ තරම් අශිෂ්ට අපරාධකරුවෙක් වූයේ ඔහු හා සම්බන්ධ පොලිස් නිලධාරීන් පිරිසක් හේතුවෙන් බවත්, ඕනෑම අපරාධයක් කර අත්අඩංගුවට පත් නොවී සිටීමට හා අත්අඩංගුවට  පත්වන අවස්ථාවලදී  ඇප ලබා නිදහස වීමට  එම පොලිස් කණ්ඩායම පහසුකම් සැලසූ    බවත් අනාවරණය කරමින්  ඔහුගේ මව තම අත්සනින් යුතුව  ලියූ ලිපියක්  මහනුවර ආණ්ඩුකාරවරයා ඇතුළු ආරක්ෂ ප්‍රධානීන්  වෙත ලැබී තිබේ.

පැතුම් හා සම්බන්ධ වෙමින් ඔහුගේ මූල්‍ය ආධාර උපකාර සහිතව ඔහුව ආරක්ෂා කරන මෙම පොලිස් නිලධාරීන්ගේ නම් ගම් ඇතුළු සියලුම විස්තර එම ලිපියේ අන්තර්ගතව ඇතැයි වාර්තා වේ.

මෙම ලිපිය අම්පිටිය ගඟවටකෝරලය ප්‍රාදේශීය සභාවේ සභාපති සිසිර කුමාර වෙත පැතුම්ගේ මව විසින් ලබා දීමෙන් අනතුරුව ඔහු අද (06) මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ පැවති ආරක්ෂක කමිටු රැස්වීමේ දී එම අවස්ථාවට සහභාගී වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ , මධ්‍යම පළාත්  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, පළාත් ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, දිසාපතිවරයා ඇතුළු ඉහළ පරිපාලන නිලධාරීන් වෙත එම ලිපියේ පිටපත් යොමු කර තිබිණි.

පැතුම්ගේ මැරකම් හා නීති විරෝධී ක්‍රියා සඳහා මෙම පොලිස් නිලධාරින්ගේ    පුර්ණ සහාය ලැබුණු ආකාරයත්,   පැතුම් සිදු කළ අපරාධ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීම පැහැර හැරීම, අත්අඩංගුවට ගනු ලැබුවත් ඇප මත නිදහස් විය හැකි ආකාරයට නීතිය මෙහෙයවීම  ඇතුළු  පොලිස් රැකවරණයත්     ඔහු  බිහිසුණු අපරාධකරුවෙක් කළ  ආකාරයත්,   එම ලිපියේ අන්තර්ගත බව   මේ සම්බන්ධව අදහස් දැක්වූ ගඟවට කෝරලයේ ප්‍රාදේශීය සභා සභාපති සිසිර කුමාර පැවසුවේය.

එමෙන්ම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ මැරයින්, ඇතුළු අපරාධකරුවන් රැසක් සම්බන්ධ පූර්ණ හෙළිදරව්වක් ද එම ලේඛණයේ අන්තර්ගත බව ඔහු කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සභාපතිවරයා පැවසුවේ  තැන්නේ කුඹුර ප්‍රදේශයේ පාසල් අත්හැරුණු විශාල දරු පිරිසක් සිටින බවය. නුවර වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිරිසක් සිටින්නේත්, මත්ද්‍රව්‍ය අපරාධකරුවන් ස්ථානගත වී සිටින්නේත් තැන්නේ කුඹුරේ බව පැවසූ ප්‍රාදේශීය සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ  තැන්නේකුඹුරේ සිට පොල්ගොල්ල තෙක් විහිදුන මහවැලි ගං තිරයේ සිදුවන මත්ද්‍රව්‍ය අපරාධවලට ඍජුවම මේ අධ්‍යාපනය  මග හැරුණු දරුවන් සම්බන්ධ බවය.

පැතුම්ගේ අම්මා අනාවරණය කළ තොරතුරු අනුව ඇය විසින් දක්වා ඇති පොලිස් නිලධාරීන් සම්බන්ධව  දැඩි අවධානයකින් යුතුව විමර්ශන ආරම්භ කරන්නේ යැයි කී මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පැවසුවේ සුළු හෝ අනීතික කටයුත්තක් මේ නිලධාරීන් අතින් සිදුවී ඇතිනම් ඒ පිළිබඳව දැඩි නීතිමය ක්‍රියාමර්ග ගන්නා බවය.

මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධව ලැබී ඇති තොරතුරු ඔස්සේ විමර්ශන දැඩිව ආරම්භ කරන බවත් ඔහු පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති තමන්ගේ ව්‍යාපාරවලට විදුලිය ලාබෙට බෙදාගෙන- විදුලිබල ඇමති පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

Next Post

ඉන්දියාවේ විශාලතම යෝග මධ්‍යස්ථානය ජම්මු කාශ්මීර ප්‍රදේශයේ !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.