මහනුවර කොවිඩ් දේහ ආදාහනය කරන මහයියාව සුසාන භූමියේ ගෑස් දාහක දෙකම ඊයේ (17) දහවල් සිට අක්‍රීය වී ඇතැයි වාර්තා වේ.
දහවල් 12.30ට සහ පස්වරු 1ට මෙම දාහක දෙක පේරාදණිය රෝහලෙන් ගෙනා කොවිඩ් දේහ දෙකක් ආදාහනය කරමින් තිබිය දී මෙම දාහයක දෙකම අක්‍රීය වී තිබේ.
මේ වනවිට ඊයේ ආදාහනය කිරීමට සූදානම් කර තිබූ කොවිඩ් දේහ 06ක් මහනුවර හා පේරාදෙණිය රෝහල්වල තැන්පත් කර තිබේ.
ඊට විකල්ප ලෙස ගොඩගැසෙමින් ඇති කොවිඩ් දේහ ආදාහනය සඳහා හාරිස්පත්තුව ඇතුළු අනෙක් ප්‍රාදේශීයසභාවල ඇති ආදාහනාගාරයන්හි ඉඩ පහසුකම් ලබා ගැනීමට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ.
ඊයේ වනතුරු මහනුවර හා පේරාදෙණිය රෝහල්වලින් පිට කරන කොවිඩ් ආසාදිත දේහ 10ක් දෛනිකව මහයියාව ආදාහනාගාරයේ ආදාහනය විය.
මෙතෙක් මහයියාවේ ආදාහනය කළේ කොවිඩ් දේහ පමණි.