මහනුවර ඵෙතිහාසික දළදා සමිදුන්ගේ ඇසළ මහා පෙරහර මංගල්‍යය ජූලි මස 25 වැනි දින සිට අගෝස්තු තුන්වැනි දින තෙක් පැවැත්වීමට සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.
කිත්සිරි මෙවන් රජු සමයේ සිට වාර්ෂිකව ඇසළ පෙරහර මංගල්‍යය චාරිත්‍රවාරිත්‍ර සිරිත් විරිත් රකිමින් පවත්වා තිබෙන අතර මෙවරද පෙරහර පැවැත්වීම කළ යුත්තක් බව එහිදී සාකච්ඡා වී තිබේ.
මහනුවර නගරයේ වීථි සංචාරය කරමින් පෙරහර මංගල්‍යය පෙර චාරිත්‍රානුකූලව පැවැත්වීමටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගනිමින් නරඹන්නන් සදහා විවෘතව තැබීමටත් සැලසුම් කොට ඇති අතර , මහනුවරින් පිටත පොලිස් නිළධාරින් ආරක්ෂාව සදහා කැදවා නොසිටිමටත් සැලසුම් කරන බව දැනගන්නට තිබේ.
රටතුළ පවතින කොවිඩ් 19 වෛරස ආසාදන තත්ත්වයන් හේතුවෙන් මේ වන තෙක් දළදා සමිදුන් වැද පුදා ගැනිම සදහා පොදු මහත් බෞද්ධ ජනතාවට ඉඩ හසර ලබා නොදි ජනතාව රැස්වන අවස්ථා මගහැර රටටත් ජාත්‍යන්තරයටත් ආදර්ශයක් ලබා දුන් බවද , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කොට උපදෙස් ගෙන නිසි පරිදි දින වකවානු ආදියත් පෙරහර මංගල්‍යය පැවැත්විය යුතු අන්දම සම්බන්ධයෙනුත් තීරණය කරන බව දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා පැවසීය.