නුවර එළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ මියයන ඇතැම් පුද්ගලයන්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු නොකර මුදා හරින ලෙසට වතුකර වෘත්තීය සමිති ප්‍රාදේශීය නායකයින් තමන්ට බලපෑම් එල්ල කරන බව දිස්ත්‍රික්කයේ හදිසි මරණ පරීක්ෂක වරුන් කිහිප දෙනෙකු සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය ට පැමිණිලි කර ඇත.
තේ වතු ආශ්‍රිතව හදිසියේ මියයන ඇතැම් අයගේ සිරුර මුදා හැරීමට අදාළ බල ප්‍රදේශයේ පොලීසිය මගින් හදිසි මරණ පරීක්ෂක වරුන්ගෙන් වාර්තාවක් ලබා ගන්නා බවත් එවැනි වාර්තාවක් ලබා දීමට ප්‍රථම මියගිය අයගේ ඥාතීන් කැඳවා සාක්ෂි සටහන් කර ගන්නා බවත් එසේ සටහන් කරගන්නා සාක්ෂි පරස්පර විරෝධී නම් එම සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට තමන්ට බලතල පවතින බවත් හදිසි මරණ පරීක්ෂක වරු පෙන්වා දෙති.
එසේ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කරන ඇතැම් සිරුරු සම්බන්ධයෙන් එම වෘත්තීය සමිති ප්‍රාදේශීය නායකයින් තමන්ට දුරකථනයෙන් ඇමතුම් ලබාදී සිරුර මුදා හරින ලෙසට බලපෑම් සිදු කරන බවත් සේ මුදා නොහැරිය හොත් ප්‍රාදේශීය නායකයින් විසින් තමන්ට විවිධ අයුරින් රාජකාරියට බාධා සිදු කරමින් සිටින බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ සංගමය කියා සිටී







