ශ්‍රියානි විජේසිංහ –
“නිපා” වෛරසයෙන් මෙරටට බලපෑමක් නොමැති බවත් ඉන් අනියත බියක් ඇති නොකර ගතයුතු බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
මෙම දිනවල දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ අගෝස්තු මස අග සිට “නිපා” වෛරස ආසාදනයක් ලෙස පැතිරෙමින් යන බවත් මීට පෙර බංග්ලාදේශයේ මෙය වසංගතයක් ලෙස පැතිර ගිය බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කීය.
මෙය නව වෛරසයක් නොවන බව ද මෙරටින් මෙම වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වී නොමැති බව ද අවධාරණය කරන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මෙම තත්ත්වය පිළිබදව කොවිඩ් වසංගතය මෙන් බිය විය යුතු නැති බවත්, රට ලොක්ඩවුන් කිරිමට, වෙළදසැල්, ගුවන් මගීන් පරික්ෂා කිරීම වැනි ක්‍රියාවන් සිදු කිරිමට කිසිදු අදහස් නොමැති බව ත් පැවැසිය.