සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිසි උපකරණ තිබුණා නම් හැටන් කඳුකර කොටියා බේරගන්න තිබුණා – වනජීවී නිලිධාරීහු කියති…

විමර්ශනය කරනවා නම් වනජීවී නිලධාරීන්ගෙන්  ඇමතිට ලයිස්තුවක්...

by editor
අගෝස්තු 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වනජීවී නිලධාරීන්ට අවශ්‍ය මෙවලම් හා උපකරණ තිබුණා නම්  හැටන් සමර්හිල් තේ වත්තකදි මද්දකට හසුව මිය ගිය කඳුකර කොටියාගේ ජීවිතය  බේරා ගැනීමට තිබුණු බව   ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එම් කුමාරසිරි විජේකෝන්   සඳහන් කළේය.

කුමාරසිරි විජේකෝන්

වනජීවී අමාත්‍යවරයා අදාළ වනජීවී නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් සිදුකිරීමට පෙර      වන සතුන් අනතුරකට පත් වූ විටදී   බේරා ගැනීමේදි අවශ්‍ය මෙවලම් සහ උපකරණ වනජීවී නිලධාරීන්ට ලබා දිය යුතු බව ඔහු කීවේය.

එමෙන්ම  සාධාරණ පරීක්ෂණයක්ක් කිරීමට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවද කුමාරසිරි විජේකෝන්   මනම්පිටියේ ප්‍රදේශයේ අද ( 09 )   සවස පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වනජීවී නිලධාරීන්ගේ වෘත්තීය සංගමයේ ලේකම් ඩබ්ලිව්. එම්. එල් කේ.වාසල , ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් ජේ,ඒ, නලින් ජයසූරිය ද එක්ව සිටියහ.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ වූ ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ නිලධාරී සංගමය සභාපති ඩබ්ලිව් එම් කුමාරසිරි විජේකෝන්   මෙසේද කීවේය

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

“කඳුකර කොටියාගේ මරණයට වනජීවී නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් කරනව වගේම දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක් විය යුතු බොහෝ දේවල් තිබෙනවා. වනජීවී   දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් පහළට ලංකාවේ සේවයක කරන්න ඉන්නේ වනජීවී නිලධාරීන් 895යි. එම  නිලධාරීන් සංඛ්‍යාවක් සමග තමයි අපිට මේ හැම රාජකාරියක් ම කරන්න වෙලා තියෙන්නේ.

අපේ නිල් නිලධාරියාට සතෙකු අනතුරට පත් වූවාට පස්සේ ඌ    බේරාගැනීම සඳහා කිසිම උපකරණයක් දෙපාර්තමේන්තුවෙන් ලැබිලා නෑ.  ඔය අධ්‍යක්ෂ ජනරාල් ඔය බව දන්නවා. අතින් පයින් තමයි සතුන් බේරා ගැනීමට සිදුවෙලා තිබෙන්නේ,

අද මින්නේරිය ගිරිතලේ අලි ඇතුන්ට පෝෂණය මදිවෙලා උන් මියයන තත්වෙට පත්වෙලා. හැබැයි ඒ පිළිබඳ කවුරුවත් විමර්ශනයක් කරන්නේ නැහැ, අද වනාන්තරවල ඉන්න අලි ඇතුන්ට වන සතුන්ට කන්න දේවල් නෑ. හැබැයි දඹුල්ලේ එළවළු ටොන් ගණන්  අහක යනවා. ඒවා වන සතුන්ට දෙන්න ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව  හදලා නැහැ. ඒ ගැනත් විමර්ශනය කරන්න කියලා අපි ඔය වනජීවී ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

මේ වන විට ජාතික වනෝද්‍යානවල සතුන් දඩයම් කිරීම් වැඩි වෙලා තිබෙනවා. රක්ෂිතවල වනජීවී  අපරාධ බහුල වෙලා තිබෙනවා, ලංකාවේ ජාතික උද්‍යානයන් සීයක් පමණ තිබෙනවා. මේ හැම උද්‍යානයකම  වනජීවී අපරාධ බහුල තියෙනවා. හැබැයි අපිට ඒවා වැටලීම් කරන්න යන්න බලන්න ඉන්ධන පහසුකම් නෑ, ඒවට අවශ්‍ය මෙවලම් ආම්පන්න උපකරණ නැහැ, අපි අත්‍යවශ්‍ය සේවා ලැයිස්තුවෙන් ඉවත් කරලා තියෙනවා. ඒ ගැනත් විමර්ශනයක් කළොත් හොඳයි.

ඔය කියන කඳුකර කොටියා බේරාගන්න එනන්න හිටිය  වෛද්‍යවරයා ඉන්ධන පෝලිමේ  ඉඳලා තමයි සවස 4 ට විතර   ඒ තැනට ගිහින් තියෙන්නෙ. මේ තත්වෙට අපිව පත්වෙන්ඩ හේතුව පිළිබඳවත් විමර්ශනයක් කළ යුතුයි කියලා මම වනජීවි අමාත්‍යවරයාට යෝජනා කරනවා.

මේ වන විට වනජීවී දෙපාර්තමේන්තුවට පහසුකම් මදි නිසා බරපතළ කඩාවැටීමක් වෙලා තිබෙනවා.   අපිට නිලධාරීන් මදි,  සම්පත් මදි, ලැබෙන උපකරණ දීමනා මේ කිසිවක් ලබා නොදී විමර්ශනයක් සිදු කිරීම සාධාරණය නෑ කියලා තමයි අපේ යෝජනාව.

එනිසා හැටන්  ප්‍රදේශ්යේ ඒ වනජීවී නිලධාරීයාට එරෙහිව  විමර්ශනයක්  සිදු කරනවා නම් ඒකට සාධාරණ පරීක්ෂණයක් කරනවා නම් එයින් ඔබ්බට ගිහිල්ලා ඒක සිදුවීම්වලට හේතුව කාර්ණාව විමර්ශනයක් කරන ලෙසත් මම ඉල්ලා සිටිනවා.“ යැයි ද කුමාරසිරි විජේකෝන් වැඩිදුරටත් කියා සිටියේය,

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැක දී මහා වික්‍රමයක් කළ හමුදාවට ජනපතිගෙන් තුති!

Next Post

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර හිමාෂ ට  වසර 04ක තරග තහනමක්…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.