සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිසාම් කාරියප්පර් ජනාධිපති නීතිඥයෙක් ද?.. වගකීම් රහිත මන්දබුද්ධිකයෙක් ද?… පාර්ලිමේන්තුව තුළ ඇසුණ කතාවක්…

by editor
ඔක්තෝබර් 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • උසස් නිලතල කාරක සභාවට රවී සෙනවිරත්න ගෙන්වා ඔහුගෙන් පාස්කු මහ මොළකරු හඳුනාගෙන සිටී දැයි අසූ ප්‍රශ්නයට  කාරක සභාව විශ්වාස කර ලබා දුන් පිළිතුර කාරියප්පර්  ට්වීට් කරලා…

රජයේ උසස් නිල තල පිළිබඳ කාරක සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් විසින් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් රවී සෙනවිතරත්නගෙන් ප්‍රශ්නයක් විමසා එම ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර සිය ට්විටර් ගිනුමේ ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව වහාම විමර්ශනයක් පැවැත්විය යුතු බව පාර්ලිමේන්තුවේ දී අද (09) යෝජනා වූයේය.

සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය. කැඳවීමකට අනුව රජයේ උසස් නිලධාරීන්ගේ කාරක සභාවට පැමිණි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශ ලේකම් රවී සෙනවිතරන්ගෙන් එම  කාරක සභාවේ සාමාජික නිසාම් කාරියප්පර්  පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන සිටීදැයි විමසූ විමසුවේය. ඊට පිළිතුරු දුන් රවී සෙනවිරත්න ලේකම්වරයා පැවසුවේ    එම අපරාධකරු හඳුනාගෙන සිටින බවය.

රජයේ උසස් නිලතල කාරක සභාවට කැඳවා කළ ප්‍රශ්න කිරීමක දී එම කාරක සභාවේ නිලධාරීන් විශ්වාස කර ලබා  දුන් එම පිළිතුර නිසාම් කාරියප්පර්  ස්වකීය පුද්ගලික ට්විටර් ගිනුමේ පළ කර තිබිණි.  එය මාධ්‍යවල පලවත්ම පොලිස් දෙපාර්තමේන්තුවට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පාස්කු ප්‍රහාරය පසුපස ඉන්දීය බුද්ධි අංශ සිටි බවට පොලිසිය කිසිම තැනක ප්‍රකාශයක් නොකළ  බවට නිවේදනයක් නිකුත් කරන්නටත් සිදුවිය.

නිසාම් කාරියප්පර් ජනාධිපති නීතිඥවරයෙක් ලෙස කටයුතු කරන දේශපාලකයෙක් වුව ද මේ ගර්හාසහිත හැසිරීම ඔහුගේ නොදැනුවත් භාවය ද, දේශපාලන තුච්ඡකම ද යන්න සම්බන්ධව සංවාදයක් පාර්ලිමේන්තුව තුළම ඇති වූයේය.

මේ සංවාදය මතුවන්නේ දයාසිරි ජයසේකර සිදුකළ ප්‍රකාශයක් සමගය. දයාසිරි පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසුවේය.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

“මම උසස් නිලධාරී කාරක සභාවේ සාමාජිකයෙක් විදිහට වැඩ කරනවා. ඊයේ රවී සෙනවිතරත්න මහත්මයා උසස් නිලතල කාරක සභාවට ආවා. ඒ අවස්ථාවේ දි නිසාම් කාරියප්පර් මැතිතුමා අහපු ප්‍රශ්නයකට එතුමා උත්තර දුන්නා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන තිබෙනවා කියලා.”

“අද සියලුම පුවත්පත්වලින් කතා කරලා අපෙන් අහනවා මේක මොකක්ද කියන්නේ කියලා. මේ වනවිට පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් නිවේදනයක් නිකුත් කරලා තියනවා ප්‍රහාරය පසුපස ඉන්දියාව සිටි බවට එතුමා කිව්වෙ නෑ කියලා.”

“ එතුමා ඇත්තටම ඒ වගේ ප්‍රකාශයක් කළේ නෑ. මම කියන්න කැමතියි මේ සම්බන්ධව යම් කිසි වැඩපිළිවෙළක් කරන්න. මොකද උසස් නිල තල කාරක සභාවට ඇවිත් මේක කියන්න ඕන නෑ. වහාම ගිහින් අධිකරණයට කියන්න කවුද මහ මොළකරු කියලා. මොකද හේතුව නැතිනම් වෙබ් සයිට්වලින් අපට කතා කරලා අහනවා මේ ක්‍රියාවලිය පිළිබඳව.”

අවසානයේ දී දයාසිරි කීවේත් අමුතුම ආකරයේ සිල්ලර කතාවකි. ඔහු මේ කතාව සම්බන්ධව පොලිස් ඇමතිතුමාගෙන් හෝ නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ප්‍රකාශයක් ඉල්ලුවේය. උසස් නිලතල කාරක සභාවට ගෙන්වූ නිලධාරියෙකුගෙන් රට තුළ සිදුවන තීරණාත්මක විමර්ශනයක් සම්බන්ධව ඇසූ ප්‍රශ්නයකට එම නිලධාරීන් විශ්වාසකරන නිලධාරියෙක් ලබා දුන් පිළිතුරක් ස්වකීය සමාජ මාධ්‍ය ගිනුම් හරහා හෙළි කර එය තුළ අනවශ්‍ය දේශපාලනයක් කිරීමට තරම් සිල්ලර වූ පාර්ලිමේන්තුවක් රටට පෙනුනි.

මේ අවස්ථාවේ දී  අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර නැගී සිටියේය. ඔහුත් රජයේ උසස් නිලතල කාරක සභාවේ සාමාජිකයෙකි. ඔහු නැගී සිට දයාසිරිට පිළිතුරු දුන්නේය.

“එම කරුණු සම්බන්ධව විමර්ශන සිද්ධ වෙනවා. ඒ කාරක සභාවේ අහන ලද ප්‍රශ්නවලට ලේකම්වරයා උත්තර දුන්නා. ඒ හැරෙන්න ඔහු ස්වේච්ඡාවෙන් එතෙන්ට ඇවිත් කිව්වේ නෑ. දයාසිරි ජයසේකර මන්‍ත්‍රීවරයාත් එතන හිටියා. “

“ඔහු අහන ප්‍රශ්නවලට උත්තර දීමක් කළේ. එහෙම නැතිව ඒක මාධ්‍යයට කිව්වා නෙමෙයි. ඒ වගේම තමයි මෙම පාර්ලිමේන්තුව විසින් මම හිතන්නේ නෑ නියෝග කළ යුතුයි කියලා එම කරුණු අනාවරණය කරන්න. මොකද ඒවා විමර්ශනයේ කොටස්. ඒ නිසා කතා නායක තුමනි   වෙනත් මාර්ගවලින් මේ විමර්ශන කඩාකප්පල් කරන පුද්ගලයින්ට ඉඩ දෙන්න එපා.”

එහිදී යළිත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා නැගී සිටියේය.

“ මේ සිද්ධිය ට්විට් කරලා තියෙන්නේ නිසාම් කාරියප්පර් මැතිතුමා. ඔහු මේක කරපු එක වැරදියි. උසස් නිලතල කාරක සභාවේ හෝ වෙනත් කාරක සභාවක කාරණා ට්විට් කරන්නේ නෑ.  එතුමා ආධුනික මන්ත්‍රීවරයෙක් නිසා එහෙම කළා වෙන්න ඇති. එහෙම දාන්නේ නෑ. මේක දැමීමත් එක්ක කතාව තහවුරු වුනා. මේක අද උදේ දාලා තියෙන්නෙ. හැබැයි මට තියන ප්‍රශ්නය වෙන්නේ මේක මගෙන් අහන්න ගත්තේ ඊයේ රෑ ඉඳලා.”

ඉන් අනතුරුව සිය කතාවට නැගී සිටි අමාත්‍ය වසන්ත සමරසිංහ කථානායකවරයාට යෝජනා කළේ විමර්ශනයක් පවත්වා නිසාම් කාරියප්පර් අදාල කාරක සභාවේ සාමාජිකත්වයෙන් නෙරපිය යුතු බවය.

“මේ තියෙන්නේ කතා කරන්න ඕන දේ කතා කරන්න ඕන වෙලාව සහ කතා කරන්න ඕන තැන පිළිබඳ අවබෝධයක් නැති එක. උසස් නිලතල කාරක සභාවට ඒ නිලධාරීන් කැඳවන්නේ වගකීමකින්. පාර්ලිමේන්තුවේ තියන ප්‍රධාන කාරක සභාවක්. එහි කැඳවීම කරන්නේ අගමැති තුමිය.   නිලධාරීන් එම කාරකසභාව විශ්වාස කරලා අහන  ප්‍රශ්නවලට දෙන උත්තර දෙනවා. ඒ උත්තර  කාරක සභාවේ සාමාජිකයින් තමන්ගේ පෞද්ගලික ගිනුම්වල ට්වීට් කරනවා කියන්නෙම  බරපතල වැරැද්දක්.  මේ  කාරණා  ගැන පරීක්ෂණයක් කරන්න ඕන. එසේ නොකර විමර්ශනයක තියන කරුණු    අනාවරණය කරන්න කියලා මේ පාර්ලිමේන්තුව උපදෙස් දෙනවා කියන්නේ ඒක තව කුමන්ත්‍රණයක්.

කතානායක තුමනි… මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ඒ මන්ත්‍රීවරු තම තමන්ගේ කාරකසභාවල වගකීම් තවදුරටත්  කියලා දෙන්න.  උසස් නිලතල කාරක සභාව වැනි තැනක නිලධාරීන් අසන ලද ප්‍රශ්නවලට දෙන උත්තර ඒ කාරක සභාවෙන් එළියට ආවට පස්සේ ඒවට පිළිතුරු එළියෙ කියන්න  හරි සමාජ මාධ්‍යවල ලියනන් කියන හරි තියන   පුරුද්ද නවත්වන්න. එය අත්‍යාවශ්‍යයයි.  “වැරැද්ද නිවැරදි කරන්න ඕන. මේ වගේ සාමාජිකයින් සම්බන්ධව පරික්ෂණයක් කරලා කාරක සභාවෙන් නෙරපන්න ඕන. මොකද මේක  විශේෂ සංවේදී කරුණක්. ඒ නිසාම  මේක බරපතල ප්‍රශ්නයක්. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජිනීවා මානව හිමිකම් යොජනාව ඡන්දයකින් තොරව සම්මත වෙන්න දුන්නේ ආණ්ඩුවේ බැරිකම නිසා ද?. විදේශ ඇමති විජිත පාර්ලිමේන්තුවේ දී උත්තර දෙයි!

Next Post

දේශපාලන ඇරියස් කවර් කරගන්න දරුවාගෙන් පළි ගන්න එපා… ඇමති සමන්ත සීඅයිඩී යයි!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.