බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවසේ සිරකරගෙන සිටින මනමාලයා ඉල්ලා මංගල ඇඳුමින් පොලිසියට පැමිණි මනමාලියක

by editor
ඔක්තෝබර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මිනුවන්ගොඩ පොලිසියට අද (14) මනමාලියෙක් පැමිණියාය. මගුල් ඇඳුම පිටින් පැමිණි ඇය සිටියේ ඉකි ගසමිනි.

උඩරට මංගල ඇඳුමින් සැරසී තැලි පිළි පැළඳගෙන  හිමිදිරියේ අඬාගෙන පැමිණෙන මනමාලිය නැවතුනේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලඟය.

“ අනේ මිස්… අපි සෑහෙන දවසක ඉඳන් ප්ලෑන් කරලා  අපේ මැරේජ් එක දාගෙන තිබුණෙ අද. අපි ගෙයක් කුලියට ගත්තා. මගෙ බඩු මුට්ටු ගෙදර ඇද්දා.  අද 8.50ට  කසාදෙ රෙජිස්ටර් කරන නැකත තියෙන්නෙ.  ගෙවල්වලින් කැමති නෑ  අපි බඳිනවට.   එයාව ගෙදරින්  හිරකරන් ඉන්නවා. අනේ පින් සිද්ධ වෙයි. එයාව 8.50 නැකතට කලින් මට ගෙන්නලා දෙන්න…“

මනමාලිය ඉකි බිඳිමින් කියන්නේ මනමාලයා ඔහුගේ නිවසේ සිරකරගෙන සිටින බවය.

“සතියක් පිලී පිලිහුඩු කන්නෙ නැතිව පේවෙලා මේ කැන්ඩියන් ඇන්දෙ….“ ඇය ඉකිබිඳින්නීය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී උප පොලිස් පරීක්ෂක රමණී මාස්කෝරාලය. ඇය මේ තරුණියට ඇහුම්කන් දී සිටියා.

ඇය ඉකි ගසමින් සියලු විස්ර කීවාය.  ඇය 19 වියැති තරුණියකි. පුද්ගලික ආයතනය රැකියාව කරන්නීය.  ඇයගේ සහකරුවාත් විසි විය නොයික්මවූ තරුණයෙකි. ඔහු ස්ථිර රැකියාවක් සහිත කාර්මික ශිල්පියෙකි.

නිවෙස්වලින් මේ විවාහයට හොඳටෝම විරුද්ධය.  ‍ඒ නිසා මගුල් දිනයේ දී  මනමාලයාගේ දෙමාපියන් හා ඥාතීන්  එක්ව  ඔහුව නිවසේ කාමරයට දමා සිර කර තබාගෙනය.

මිනුවන්ගො පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පිට ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරිය විභාගය ආරම්භ  කළාය. මුලින්ම තරුණයාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබා දුන්නාය.

“ කවුද ගෙදර ළමයෙක් හිර කරගෙන ඉන්නෙ. පැමිණිල්ලක් තියනවා. වහාම ඔය හිර කරගෙන ඉන්න තරුණයත් එක්ක පොලිසියට එන්න..“

එය නියෝගයකි. ටික වෙලාවකින් තරුණයාද කැටිව ඔහුගේ මවත් පියාත් ආච්චීත් ඥාති සනුහරේත් පොලිසියට පැමිණියහ.

අම්මා තාත්තා වැළපෙමින් හඬන්නේය. කොල්ලා මළා සේය. තමන්ගේ එකා මේ කෙල්ලට විවාහ කර දෙනවාට වඩා ඌ කපා ගඟේ මූදේ දැමීම හොඳයි කියන්නේය.

ටික වෙලාවක් හැමෝටම වැළපෙන්නට හැර උප පොලිස් පරීක්ෂක රමණී මාස්කෝරාලය තරුණයාගේ දෙමව්පියන් තමන් ඉදිරියට ගෙන්නුවාය. තරුණයාගේ අම්මා දෙසට හැරුණු උප පොලිස් පරීක්ෂකවරිය සිය හඩ අවදි කළාය.

“මේකයි… අම්මෙ. දැන් මේ ඉන්නෙ වැඩිහිටි දෙන්නෙක්. ඒ අයට අපිට මෙහෙම බලපෑම් කරන්න බෑ. ඒ අය තමන්ගෙ කැමැත්තෙන් ගන්න තීරණවලට ඉඩ දෙන්න ඕනි. හරි… දැන් මේ අම්මයි තාත්තයි ඇයි මේ කසාදෙට විරුද්ධ වෙන්න හේතුව“

අම්මා ඉකි බිඳිමින්ම කතා කළාය.

“ ඒකි හීනටියන…“  හීනටියන උන්ට දීග තලග දෙන්නට අහළ ගම් හතක ඇත්තන් කැමති නැති බවත් ඇය කීවාය.

“ හොඳයි… එතකොට මේ අම්මලගෙ ගම් පළාත් කොහෙද?,“ මම මිරිස්වත්තේ…

“එතකොට මේ තාත්තා…“

දැන් දෙන්නාම නිරුත්තරය. බලන් යනවිට මනමාලයාගේ තාත්තාගේ ගමත් හීනටිනය.  හීනටියන වුවත්  මනමාලියගේ මව ගුරුවරියකි. තාත්තා පුද්ගලික ආයතනයක සේවකයෙකි.

“ හරි කමක් නෑ… වෙන මොනවද මේ දැරිවි ගැන තියන වැරදි…“  තරුණයාගේ මවත් පියාත් පැවසුවේ අවුරුදු 15 දි මේ තරුණිය වෙන්ත තරුණයෙක් සමග සම්බන්ධයක් ඇතිකරගෙන ගෙදරින් පැන ගොස් යළි පැමිණි තැනැත්තියක් බවය.

දැන් මේ විරෝධයට අවසාන විකල්පය ඇත්තේ යුවලගේ තීරණය මතය. තරුණියගේ මව හෝ පියා පොලිසියට පැමිණ නැත. අම්මා ඉස්කෝලෙ ගිහින්ය. තාත්තා වැඩට ගිහින්ය. තාත්තා සිය දියණියගේ විවාහය අද බව දන්නේත් නැත.

පොලිසියෙන් තරුණියගේ මවට කතා කර මේ බව දැන්නුවේය. ඇය කීවේ තරුණ වියේ සිටින ඔවුන් කැමති තිරණයක් ගනු ඇති බවත් ඊට බලපෑම් කිරීමට තමන් උත්සාහ නොකරන බවත්ය .

තරුණ යුවල  ගෙන්වූ ස්ථානාධිපතිවරිය ජීවිතයේ ස්වරූපයත් ඔවුන්ට එරෙහි දෙපාර්ශවයෙන් නැගෙන විරෝධයත්, වවාහයේ ඇති    ගැඹුරත් තේරුම් කර දී වැඩිහිටියන් ලෙස ඔවුන්ගේ තීරණයට කල්පනාකාරීව  එළඹෙන ලෙස දන්වා සිටියාය.

දෙදෙනා කථිකාවකින් අනතුරුව ස්ථානාධිපතිවරිය අසලැට පැමිණිය.

“අපි බඳිනවා මිස්… මම මෙයාව දන්නෙ අවුරුදු තුනක ඉඳලා… කිසිම වරදක් මම දැක්කෙ නෑ.  අනික් අය මොනවා කිව්වත් මට කමක් නෑ“ තරුණයා කීවේය.

හඬා වැලපුන දෙමව්පියන් ඥාතීන් තරුණයා  මුලුමනින්ම අත්හැරි බව කියමින් හඬා වැටෙමින්  පොලිසියෙන් නික්ම ගියහ.

මේ වනවිට නැකත පසු වී තිබිණි.  උප පොලිස් පරීක්ෂකවරිය ඇතුළු පොලිස් නිලධාරීන්ට පින් දෙමින්  තරුණ යුවල 2ට කලින් පැමිණෙන ලෙස දැන්වූ  විවාහය රෙජිස්ට්‍රාවරයෙක් සොයාගෙන සිය විවාහය ලියාපදිංචිය සඳහා පිටවි ගියහ.

පැමිණිල්ල මෙහෙයවමින් 12803 කාන්තා පොලිස් කොස්තාපල් සඳහාලි ප්‍රකාශ සටහන් කරගත්තාය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රීකුණාමලය තෙල් ටැංකි ටික එදා ඉන්දියාවට දුන්නා නම් අද ඉන්ධන අර්බුදයක් නෑ – ජනපති…

Next Post

ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.