බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරිසතෙක් බඳු අමනුෂ්‍යයෙක් පණ පිටින් දළ කපාගෙන ගිය “මහේශඛ්‍ය“ ඇත් රජු මිය යයි…

by editor
ජූලි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නිරි සතුන් බඳු කාලකණ්ණි අපරාධකාරයෙක් විසින් රෝගීව වැතිර සිටිය දී පොරෝ පහර ගසා එක් දළයක් කපා ගත් මහේශාඛ්‍ය හස්ථියා ඊයේ රාත්‍රියේ මිය ගියේය.

පෙරේදා (05) සවස  කැබිතිගොල්ලෑව තිත්තගෝනෑව ප්‍රදේශයේ දී මෙම හස්ථියා වැටී සිටියේය. පසුගිය 08 වැනිදා තවත් හස්ථියෙක් සමග ඇති වූ ගැටුමකින් අනතුරුව තුවාල වී දුර්වල වූ මෙම ඇතාගේ ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා වනජීවී නිලධාරීන්, පශු වෛද්‍ය නිලධාරීන්,  අවසන් කුංචනාදයට පෙර සංවිධානය ඇතුළු කණ්ඩායමක් විශාල වෙහෙසක් ගෙන තිබිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇතාගේ සියලුම තුවාල හොඳ වී තිබුණ  ද ඇත් ගැටුමේ දී ඇතාගේ හදවත ආශ්‍රිත ප්‍රදේශයට එල්ල වුණු දල ප්‍රහාරයක් හේතුවෙන් ඔහු දුර්වල වී සිට ඇත.

පශු වෛද්‍ය කණ්ඩායම් හස්ථියාට ප්‍රතිකාර කරමින්…

එබැවින් වැතිරී සිට යළි නැගී සිටීමට ආයාසකර උත්සාහයක් දැරීමට ඇතාට සිදු වී තිබේ.  ජීවත් වීමට උත්සාහ කරමින් වැටී සිටි  ඇතාගේ දළ කපා ගැනීමට තිරිසන් අමනුෂ්‍යයෙක් කටයුතු කර ඇත්තේ ඒ අතරය.

මෙම නින්දිත අපරාධය ගැන සෙවීමට කැබිතිගොල්ලෑව පොලිසිය ඊයේ පරීක්ෂණ ආරම්භ කළේය.  ඊයේ රාත්‍රියේ ඒ අසරණ හස්ථියා ජීවිතයෙන් සමු ගත්තේය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

පසුගිය 12 වැනිදා සිට මේ හස්ථියා නිරික්ෂණය කරමින් එම සතාගේ ජීවිතය වෙනුවෙන් අසීමිත කැප කිරීමක් කළ     අවසන් කුංචනාදයට පෙර  සංවිධානයේ සාමාජිකයෙක් වන  ප්‍රියන්ජන දිල්මිත් ලංකාසරට අදහස් දක්වමින් පැවසුවේ මේ හස්ථියා තවත් කාලයක් ජීවත් වීමට ඉඩකඩ තිබුණු බවය.

හස්ථියා තිත්තගොනෑවේ අවසන් වරට වැතිරී සිටි අයුරු…

“ මේ ඇත්තු දෙන්න අතර ගැටුම ඇතිවෙලා මහේශාඛ්‍ය ඇතා තුවාල ලැබුවේ පසුගිය 08 වැනිදා. අපි 12 වැනිදා ඉඳලා වනජීවී නිලධාරීන් එක්ක මේ ඇතාව නිරික්ෂණය කළා. පශු වෛද්‍ය නිලධාරීන් ඇතාට ප්‍රතිකාර කළා. අපි එකතුවෙලා අවශ්‍ය වෙලාවෙදි ආහාර ලබා දුන්නා. පිටත තුවාල හොඳ වෙලා තිබුණට ඇතා දුර්වල  වෙලා හිටියෙ. එයා වැතිරුණාම යළි නැගිටින්න අමාරුයි. “

“පසුගිය 05 වැනිදත්  එයා වැතිරිලා ඉන්න තැනට අපිත් ගියා. වනජීවී නිලධාරීන්  සතාව නිරීකෂණය කළා. අපි  ඇවිත් ගිය අතර කාලයෙදි තමයි කවුරුන් හෝ මේ අපරාධය කරන්න ඇති කියලා අපට හිතෙන්නෙ.

අද පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයෙන්  තොරතුරු හෙළි වේවි.  “

ඔහු පැවසුවේය. මෙහි පලවන සියලුම ඡායාරූප ප්‍රියන්ජන දිල්මිත්ගේය. එම ඡායාරූප අයිතිය ඔහු සතුය.

මහේශාඛ්‍ය ඇත් රජු නීරෝගීව සිට අවධිය…
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එල්පීඑල් ලයිස්තුවෙන් පැතුම් නිශ්ශංක හැලෙයි… 20යි විස්ස ලෝක පිතිකරු ලයිස්තුවේ 08 වැනියා ඔහුයි….

Next Post

ඉන්දීය නාවික තල්වාර් හමුදාව ගල්ෆ් කලාපයේදී බහුජාතික හමුදා පුහුණුවක

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.