fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරායුද අරගලකරුවන්ට ගැහුවේ ත්‍රිවිධ හමුදාව හෝ පොලිසිය  නෙමෙයි… හමුදා ඇඳුම් දාගත්තු කුලී මැරයො ටිකක්… නීතිඥ මනෝජ් නානායක්කාර

අහක යන කුණුගොඩක් පොලිසි තමන්ගේ ඇඟට ගත්තු එක ගැන අරගල භූමියට පුදුමයි... අරගලය මාධ්‍ය හමුවක් කැඳවා කියයි...

සති 3ක් ago
in පුවත්
671 7
0
Share on FacebookShare on Twitter

අරගල භූමියයේ නිරායුධ  අරගලකරුවන්ට නින්දා සහගත ලෙස පහර එල්ල කළේ පොලිසිය හෝ රටේ නීත්‍යානුකූල ත්‍රිවිධ හමුදාව නොව, බීමත්ව සිටි දේශපාලන කුලී මැර පිරිසක් බවත් එහි වගකීම පොලිසිය හා ත්‍රිවිධ හමුදාව  භාර ගැනීම අරගලභූමිය මවිතයට පත් කර ඇති බවත්   නීතිඥ මනෝජ් නානායක්කාර පැවසීය.

ගෝඨාගෝගම අරගල භූමියේ සිට අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී  ඔහු හෙළි කළේ මෙ ප්‍රහාරය එල්ල කිරීම පසුපස   රටේ නිල හමුදාවෙන් එහා ගිය කුලී මැරයින් පිරිසක් සිටි බව තමන් ප්‍රකාශ  කළේ පෙරේදා   මධ්‍යම රාත්‍රියේ දී බවය.

අරගලකරුවන්ට පහර දෙන සෑම අවස්ථාවකදීම පොලිසිය එම පහරදීම් වළක්වා ගැනීමට මැදිහත් වුන ආකාරය තමන් දුටුවේ යැයි ද, ත්‍රිවිධ හමුදාව හෝ විශේෂ කාර්ය බලකාය එම පහර දෙන කණ්ඩායම අතර නොසිටියේ යැයි ද    නීතිඥ මනෝජ් නානායක්කාර කීවේය. මෙම ප්‍රහාරය දියත් කිරීම සඳහා  ආරක්ෂක අංශයේ ඉහලම නිලධාරියෙකුගේ අනුදැනුම ද සහිතව  පාවෙන අවි ගබඩාවක් මෙහෙයවන ජඩ ව්‍යාපාරිකයෙකුගේ කුලී කරුවන්  හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් සහිතව යොදවා තිබුණු බවත් ඔහු  හෙළි කළේය.

නිතිඥ මනෝජ් නානායක්කාර

ඔහු මෙසේ ද පැවසුවේය.

“පොලිසියට සිද්ධවෙලා තියනවා කවුරුත් කරපු පවකට කර ගහන්න. අපි  පෙරේදා මධ්‍යම රාත්‍රියේදි අපි  පැහැදිලිව කිව්වා     නිල හමුදාවන්ට එහා ගිය කුලී හමුදාවක් ඒ පහර දීම පිටිපස්සෙ ඉන්නවා කියලා.  අපි කිව්වා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒ වගේ ම්ලේච්ඡ අමානුෂික තුච්ඡ ජරා ප්‍රහාරයක් එල්ල කරයි කියලා අපි විශ්වාස කරන්නෙ නෑ කියලා.“

අද දවසේ පොලිසිය ඒකෙ වගකීම බාර අරගෙන තියනවා. එදා රාත්‍රියෙ එල්ල කළ ප්‍රහාරහ කළේ පොලිසිය  විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව කියලා.

නමුත් අපි දැක්කෙ නෑ ඒ ප්‍රහාරය එල්ල කළ අවස්ථාවෙ නාවික හමුදාව සම්බන්ධ වෙලා ඉන්නවා. අපි දැක්කෙ නෑ පොලිසියෙ නිලධාරීන් අරගලකරුවන්ට ප්‍රහාරයක් දෙන්න ඉදිරිපත් වන අයුරු.     ආරක්ෂක අංශවලට සමාන  ඇඳුම් ඇඳලා හිටිය කුලී හමුදාව ඒ අරගල කරුවන්ව බිම දාගෙන  පහර දෙනකොට අපි දැක්කා ඇතැම් පොලිසි නිලධාරීන් ඒ අරගලකරුවන්ව  ප්‍රහාරයෙන් බේරගන්න ප්‍රයත්නයක් දරනවා.“

“අරගල භූමියට  හරි පුදුමයි  පොලිසිය  අහක යන දෙයක් ඇයි තමන්ගෙ කරපිටට ගන්න ලෑස්ති වුනේ කියලා.“

එදා මැයි 09 දා දේශපාලන  ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරය හා සමාන ප්‍රහාරයක් තමයි පෙරේදා මධ්‍යම රාත්‍රියෙ එල්ල වුනේ. වෙනස තමයි නිරායුධ අරගලකරුවන්ට  ගහන්න මෙතෙන්ට දාපු කුලී හමුදාවට  පලිහක් විදිහට රජය ඉතාම අමන සහ ජරා විදිහට මේ රටේ ජනාදරයට පාත්‍ර වෙච්ච ත්‍රිවිධ හමුදාව පාවිච්චි කිරීම.“

මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින්  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසන්නේ සිකුරාදා අළුයම ගාලූ මුවදොර අරගලකරුවන්ට පහර දීමට පැමිණි පිරිස අතර  හමුදා නිල ඇඳුම්ලාගත් වෙනත් පිරිසක් සිටි බවට  යුද හමුදාවේ අභ්‍යන්තර තොරතුරු ඔස්සෙ දැනගැනීමට ලැබී ඇති බවත් යුද හමුදාවට සමාන ඇඳුමින් අරගල භූමියට පැමිණ පහර දුන් එම කණ්ඩායම කව්දැයි හෙළිකර ගැනීමට ජාත්‍යන්තර පරික්ෂණයක් සඳහා එක්සත් ජාතීන් හමුවට  යන බවත්ය.

ඔහු පවසන්නේ සිකුරාදා පාන්දර ප්‍රහාරය සදහා  ගුවන් හමුදාව පැමිණ නැති බවය. මේ කුලී හේවායන් ඇවන්ගාර්ඩ් සමාගමට සම්බන්ධ දැයි සැකයක් පවතින බවත් ඔහු  පවසා තිබිණි.  මේ සම්බන්ධ හමුදාවෙන් සහ ජාත්‍යාන්තරයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටින බව ද ඔහු කියා ඇත.

එම සම්පූර්ණ මාධය සාකච්ඡාව පහත දැක්වේ.

Join @lankasara on Telegram Channel
Previous Post

පාකිස්ථානය පෙර වැරදි අනාගතයට හරස්වෙන ලකුණු

Next Post

කැබිනට් මණ්ඩලය 30යි… සර්ව පාක්ෂික රජය සති දෙකකින්…

Related Posts

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

අගෝස්තු 14, 2022

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

අගෝස්තු 14, 2022

රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…

අගෝස්තු 14, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  •  භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව
  • අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 
  • රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…
  • ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

ජනප්‍රිය පුවත්

  • රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

    267 shares
    Share 107 Tweet 67
  • ප්‍රගතිශීලී වෘත්තියවේදියෝ පොහොට්ටුව හැර යති !

    266 shares
    Share 106 Tweet 67
  • හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

    237 shares
    Share 95 Tweet 59
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

    217 shares
    Share 87 Tweet 54
  • පොලිස්පති පුටුවට බලපොරය මඩ ගොහොරුවක් හදයි….

    173 shares
    Share 69 Tweet 43
  • ගෑනුන්ගේ බූරු තිප්පලක් වටලයි… 05ක් අත්අඩංගුවට…

    206 shares
    Share 82 Tweet 52

Highlights

පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

ධජ ඔසවන ‘ටිරංගා’ ව්‍යාපාරයට ලද ප්‍රතිචාර ගැන අගමැති මෝදි දැඩි සතුටින්

ත්‍රීවිල්කරුවන් පුරුදු කළ ඉන්ධන ජවාරම  පොලොන්නරුවේ ට්‍රැක්ටර් පටන් අරන්… අබලන් ට්‍රැක්ටර්වලටත් QR

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

by editor
අගෝස්තු 14, 2022
0

ලලිත් චාමින්ද    භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් ඉකුත්...

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

by editor
අගෝස්තු 14, 2022
0

නයනක රන්වැල්ල -  ලෝක අලි දිනය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist