ලබන 17 රැස්වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයෙක් පත් කරගැනීම සඳහා යළිත් තරගකාරී තත්ත්වයක් ඇති වී තිබේ.
මේ තරගකාරී තත්ත්වයක් ඇති වී තිබෙන්නේ පොදුජන පෙරමුණ අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාව නියෝජ්‍ය කථානායක ලෙස ඉදිරිපත් කිරීමටත් සමගි ජන බලවේගය විසින් ඉමිතියාස් බකීර් මාකර් එම තනතුර සඳහා ඉදිරිපත් කිරීමටත් තීරණය කිරීමෙන් පසුවය.
එබැවින් යළිත් වරක් නියෝජ්‍ය කතා නායක පත් කරගැනීමට ඡන්දයක් පැවැත්වෙනු ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවක් නොගෙන්නට දැනට තීරණය කර ඇති සමගි ජන බලවේගය මේ ඡන්දය මගින් පාර්ලිමේන්තුව තුළ සිය බලය උරගා බැලීමට තීරණය කර තිබේ.
ආණ්ඩු පක්ෂයත් සිය අපේක්ෂකයා ඉල්ලා අස්කරගැනීමකින් තොරව මෙම අවස්ථාවට මුහුණ දීමට තීරණය කර ඇත. පොහොට්ටුවේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් කීවේ තමන්ගේ ආණ්ඩුවට බහුතර බලයක් ඇති බවය.
හිටපු නියෝජ්‍ය කතා නායක සියඹලාපිටිය දෙවතාවක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා යළිත් වරක් මෙම ඡන්දය කැඳවීමට සිදුවී තිබිණි.