සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නියෝජ්‍ය ආරක්ෂ ඇමති මේජර් ජනරාල් අරුණ ජයසේකර පසුපස පාස්කු ප්‍රහාර විමර්ශනවලට බලපෑම් කරන බිග් බොස් කෙනෙක් ඉන්නවා ද? නිසාම් කාරියප්පර් අද පාර්ලිමේන්තුවේ දී අසයි..!

by editor
ජූලි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නියෝජ්‍ය ආරක්ෂ ඇමති විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර පාස්කු ප්‍රහාර විමර්ශන පාලනය කිරීම සඳහා හඳුනා නොගත් “බිග් බොස් ” කෙනෙක් විසින් යෙදවූ බළල් අතක්දැයි සොයා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ‍මොහොමඩ් නිසාම් කාරියප්පර් මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

ඔහු පවසන්නේ 1988 -89 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල මර්ධනය කරමින් තරු පළඳා ගත් නිලධාරියෙක් ලෙසත්, යහ පාලන සමයේ මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ එම තනතුර වෙත පත් කර දෙසතියකින් නැගෙන හිර අඥාපතිවරයා ලෙස පත් වූ යුද හමුදා ප්‍රධානියා ලෙසත් හඳුනා ගත් විශ්‍රාමික මේජර් ජනරාල්වරයා 2023 වසරේ විශ්‍රාමික යුද හමුදා සාමුහිකයේ ප්‍රධානියා ලෙස ජාතික ජන බලවේගයේ ඡන්ද ව්‍යාපාරයට එක්වන්නේත් බුද්ධි සැලසුමක් අනුවදැයි සැක සිතන බවය.

ඔහු පෙන්වා දුන්නේ මේ වනවිට ඔහුගේ මැදිහත්වීමෙන් පාස්කු විමර්ශනයේ යුද හමුදා නිලධාරීන්ට එරෙහිව මතුවන සාක්ෂි යටපත් වෙමින් පවතින්නේ දැයි සැක සිතන බව ද කාරියප්පර් මන්ත්‍රීවරයා කීවේය.

ඔහු පාර්ලිමේන්තුවේ දී මෙසේ ද පැවසුවේය.

මේ ආණ්ඩුව පත් වුනාට පස්සේ හෙලි නොකළ කරුණු සම්බන්ධව අනාවරණය වන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක බී 35882/24 යටතේ ඉදිරිපත් කළ බී වාර්තාවෙන්. ඒක ඉදිරිපත් කළේ නොවැම්බර් 24 වැනිදා. ගිය අවුරුද්දේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මුල්ම වාර්තාව චැනල් 4 එකේ තිබුණ අසාද් මවුලානාගේ හෙළිදරවුව. දෙවැනිය සිරිල් ගාමිණි පියතුමාගේ වට්ස් ඇප් පණිවිඩය ගැන හෙළිදරව්ව. අසාද් මවුලානා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ලබා දුන්න සාක්ෂි මත. සැකකරුවන් දෙදෙනෙක් හඳුනාගෙන තිබුණා. ඔවුන් දෙදෙනා විදේශතවීම වැලැක්වීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේන නියෝගයක් අරන් තිබුණා. ඒ දෙන්නා තමයි ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් නොහොත් පිල්ලෙයාන් සහ සුරේෂ් සලෙයි.

අද දක්වා ඔවුන් මේ නඩුවේ සැකකරුවන් ලෙස අත් අඩංගුවට ගැනිමට හෝ මේ නඩුවේ සැකකරුවන් ලෙස නම් කිරීමට කටයුතු කරලා නෑ.
ඉන් පසුවා සාරා නැමැති තැනැත්තිය මිය ගිය බවට උත්සාහ කළ අසාර්ථක ප්‍රයත්නය පිලිබඳවත් ඒකේ වාර්තා කරලා තිබුණා.

වැදගත්ම සිද්ධිය තමයි වවුනතිව් පොලිසියේ රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා කෲර ලෙස ඝාතනය කර ඔවුන්ගෙන් අවි පැහැරගෙන යෑම. මේ අවි පසුව සහරාන්ගේ කල්ලිය භාවිතා කළ බවට පැහැදිලි සාක්ෂියක් සඳහන් කරලා තියනවා.

මේ ගැන සීඅයිඩී එක හොඳ වාර්තාවක් ඉදිරිපත් කරලා තියනවා. මේ සම්බන්ධව විමර්ශන කටයුතු කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන සන්නද්ධ බලකායේ එවකට අණ දෙන නිලධාරී ලෙසින් කටයුතු කළ කර්නල්වරයා,  මඩකලපුව ආරක්ෂක අංශයේ ආරක්ෂක සමූහන නායකයා ලෙස කටයුතු කළ මේජර්වරයා, බුද්ධි නිලධාරි කපිතාන්වරයා, … අද මෙතන හිටියා නම් විශ්‍රාමික හමුදා ජෙනරාල් වීර වික්‍රම විභූෂණ අරුණ ජයසේකර මහතාට මේ ගැන ටිකක් එතුමත් දැනගෙන ඇති.

ඒකේ තියනවා ලස්සන කතාවක්. විමර්ශනයට අදාලව යුද හමුදා බුද්ධි අංශය භාරයේ ඇති ඔත්තුකරුවෙක් විසින් ලබා දුන් තොරතුරු ගොනුවේ පිටපතක් ගෙන්වා පරීක්ෂා කිරීමේ දී එම පිටපතේ ගොනුවට අනුව වර්ෂ 2015 දී මෙම තොරතුරු ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වන සන්නද්ධ බුද්ධි බලකාය වෙත ලබා දී ඇති බව අනාවරණය වෙයි.

ඒ අනුව මේ ඔත්තුකරුවා සහරාන් හෂීම් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තුන්වන සන්නද්ධ බුද්ධි බලකාය වෙත ඉතා වැදගත් තොරතුරු ලබා දුන්නා යැයි සඳහන් කරමින් ඒ බුද්ධි බලකායේ අණ දෙන නිලධාරී බුද්ධි නිලධාරී අනෙකුත් නිලයන් සෙසු නිලයන් එම තොරතුරු සම්බන්ධව නිසි පියවර ගෙන නොමැත. ඒ අනුව ක්‍රියාත්මක වුනා නම් පාස්කු ප්‍රහාරය වැලකීමට ඉඩ තිබිණි. මේ කියන්නේ සීඅයිඩී එකෙන්. එම ඔත්තුකරුගේ ප්‍රකාශ සත්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා තියනවා.

ඒක එතනින් ඉවර වෙන්නේ නෑ. ඒ අනුව ඒ පස් දෙනාට විරුද්ධව ඔවුන් පැනලා යයි කියලා මේ අයගේ පාස්පෝට් එක අත් අඩංගුවට ගන්න කියලා ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝගයකුත් අරන් තියනවා. මේක වෙන්නේ 2025 අප්‍රේල් මාසයේ. නමුත් අද දක්වා මේ බුද්ධි නිලධාරින් එක්කෙනෙක්වත් අත් අඩංගුවට අරගෙනත් නෑ… අධිකරණයට ඉදිරිපත් කරලත් නෑ.

අධිකරණ නඩු විධාන සංග්‍රහයේ 115 වැනි වගන්තිය යටතේ යම් කිසි පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් ලබා ගත් විට ඒ පිළිබඳව මහේස්ත්‍රාත් තුමියට හෝ තුමාට වාර්තා කරන්න ඕන. කිසිම වාර්තාවක් සිදුකරලා නෑ.

ඒ විතරක් නෙමෙයි. අන්තිමට වුනේ වව්නතිව් පොලිසියේ උප පොලිස් පරීක්ෂක විජේනාකයගේ දෙමළ පරිවර්තනය කිරීම සඳහා ගිය අහිංසක සාජන්ට් කෙනෙක් අල්ලා ඉදිරිපත් කළේ. මේක කැකිල්ලේ නඩු තීන්දුවක්.

හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා පිට… බුද්ධි අංශයෙ බුද්ධි නිලධාරී කපිතාන් පිට… අණ දෙන නිලධාරියා පිට… ඒ අවස්ථාවේ නැගෙනහිර පළාතේ එස්.එෆ් සිකියුරිටි ෆෝස් හෙඩ් ක්වාටර්ස් අණදෙන නිලධාරියා පාර්ලිමේන්තුව ඇතුළේ. අහිංසක භාෂා පාරිවරතකයා හිරේ.

මේ සම්බන්ධව ප්‍රශ්න කළාම ජනවාරි 09 වැනිදා අපේ ගරු ඇමති ආනන්ද විජේපාල ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයෙ කියලා තිබෙනවා ” අපි බලයට පත් වුනාට පස්සේ විමර්ශනය නව අදියරකින් ආරම්භ කරලා තියනවා. විමර්ශනය පසුගිය 2024 නොවැම්බර් 11 කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 35882 යටතේ. ඊට අදාල බී වාරතාවේ තියනවා දැනට විමර්ශන කරගෙන යනවා… විමර්ශන අනුව සිවිල් සාක්ෂිකරුවන් 12ක්, හමුදා සාමාජිකයින් 07 දෙනෙක්, පොලිස් නිලධාන් 26 දෙනෙක්, බන්ධනාගාර නිලධාරීන් 03ක් ඇතුළු 48 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරලා තියනවා. මේ එක්කෙනෙකුගෙවත් සාක්ෂියක් මේ බී වාර්තාව ඇතුළෙ නෑ.

කවුද මේවා නවත්වන්නේ ගරු නියෝජ්‍ය සභාපති තුමියනි…

මේ විමර්ශනය විශේෂයෙන් නැගෙනහිර පළාතේ බුද්ධි අංශයේ හමුදා නිලධාරීන් අණ දෙන නිලධාරීන්ගෙන් කට උත්තර නොගන්නේ කවුද?..  ඒ ගොල්ල ඉදිරිපත් නොකරන්නේ කවුද. මේවා පසුපස ඉන්න අධිකරණ ඉදිරියේ සාධාරණ යුක්තිය ඉටු කරගැනීම සඳහා ගෙන ඒම වළක්වන්නේ කවුද? … කවුද මේ බිග් බොස්.

මම කියන්නම්…

2018 ඔක්තොම්බර් 26 වැනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාව ධූරයෙන් පහ කරනවා. 2028 නොවැම්බර් 09 වැනිදා අපේ වීර වික්‍රම විභූෂණ එවකට මේජර් ජනරාල් අරුණ ජයසේකර නැගෙනහිර පළාතේ හමුදා අණ දෙන නිලධාරියා ලෙස පත් වෙනවා. සති දෙකක්වත් නෑ.

ඊලඟට  තව සති තුනකින් 2018 නොවැම්බර් 30 වැනිදා අන්න වව්නතිව්වල පොලිසියෙ දෙන්නෙක් මැරෙනවා. මැරුණට පස්සේ ඒක කළේ අර කොහෙද හිටපු අර අජනත්න් කියන හිටපු එල්ටීටීඊ පුද්ගලයා කළා කියලා පෙන්වන්න ලොකු නාඩගමක් කරනවා. ඒ ඩ්‍රාම එක හැදුවේ මේ මිල්ටරි හමුදා බුද්ධි අංශයයි, කොට්ඨාස බුද්ධි අංශයයි. ඒක බී වාර්තාවෙ තියනවා. කොට්ඨාස බුද්ධි අංශයේ පොලිස් නිලධාරියා අත් අඩංගුවට අරන්. ඒත් මේ හමුදාවේ කවුරුත් අත් අඩංගුවට අරන් නෑ. ඒකයි මෙතන තියන ප්‍රශ්නය.

අන්තිමට මම එක ප්‍රශ්නයක් අහන්නම්. මට මේ ජේවීපී නායකයගෙන් දැනගන්න ඕන අර වීර වික්‍රම විභූෂණ අරුණ ජයසේකර මහතා 88-89 කාලයේ ජේවීපී එකට විරුද්ධව ඉතාම දැඩි ලෙස හමුදාව සමග එකතු වෙලා සමූහ කැරැල්ල මර්ධන හමුදා ඒකකයෙ වැඩ කළා. ඒකටත් එයාට පදක්කමක් තියනවා. ඒකට සාක්ෂි තියනවා.

ඊට පස්සේ මහින්ද රාජපක්ෂ අගමැති ඉන්න කාලේ නැගෙනහිර අණදෙන හමුදා නිලධාරී වෙනවා. ඒකටත් සාක්ෂි තියනවා.

ඊට පස්සේ එයා විශ්‍රාම ගන්නවා නොවැම්බර් 2019 දි. ඊට පස්සේ එයාගෙන් තොරතුරු නෑ.

ආයෙ එන්නේ 2023. ඔයගොල්ල ආණ්ඩුවට එන බව ඔයගොල්ලන්ට ඉස්සරවෙලා බුද්ධි අංශය දැනගන්නවනේ. එකපාරටම මෙයා හදා ගන්නවා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංවිධානයක්. ඒකේ නායකයා වෙනවා. ඡන්ද අහන්නෙත් නෑ. ජාතික ලයිස්තුවෙන් ඇතුළට එනවා. කෙළින්ම ඉන්නවා නියෝජ්‍ය ආරක්ෂක ඇමති හැටියට.

ජාතික ආරක්ෂාව… ඔබතුමාලා ටිකක් හොයලා බලන්ඩ… කොහොමද මෙයා මෙවැනි තනතුරක් අරන් මෙතෙන්ට ආවෙ කියලා. මේවා මෙහෙයවන බිග් බොස් කවුද කියලා හොයා ගන්ඩ… කරුණාවෙන් සවන් දීලා මේ පිළිබඳ අවධානය යොමුකරන්න… ” මන්ත්‍රීවරයා කීවේය.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජ.වි.පෙ දළදා මාළිගාවට බෝම්බ ගැසූ සිද්ධියට අදාල තොරතුරු සභාගත කරන්න… දයාසිරි මහජන ආරක්ෂක ඇමතිට කියයි!

Next Post

පරිසර ලේකම් සහ වනජීවී ලේකම් වන අලි මරණ ගැන විමර්ශනයට සීඅයිඩී සහාය පතති…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.