රාජකාරියට සම්බන්ධ විදේශ සංචාරවලදී ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශ පත් මිලදී නොගෙන සාමාන්‍ය ගුවන් මගී ආසනවල එම ගමන් බිමන් සිදු කළ යුතු බවට රජය විසින් නියෝග පනවා තිබියදීත් රාජ්‍ය නිලධාරීන් 20කට ආසන්න ප්‍රමාණයක් පසුගිය කාලය තුළ ව්‍යාපාරික පන්තියේ ආසන වෙන්කරවාගෙන විදේශ ගමන්වල නියැළී ඇති බව අනාවරණය වී තිබේ.
ජනාධිපති ලේකම්වරයා විසින් සිදු කරන ලද මෙම නියෝගය කඩ කළ රාජ්‍ය නිලධාරීන් සඳහා ව්‍යාපාර පන්තියේ ගමන් කිරීමේදී අතිරේක මුදලක් වැය වී ඇත්නම් ඒ මුදල ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් අඩු කර ගැනීම පිළිබඳව මේ වනවිට අවධානය යොමුව ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.
රාජ්‍ය මුදලින් බැර වී ඇති ගාස්තු වෙනස එම නිලධාරීන්ගෙන් ප්‍රතිපූරණය කර ගැනීම සඳහා භාණ්ඩාගාර චක්‍රලේඛයක් ළඟදීම නිකුත් කෙරෙන අතර ගමන් කිරීමට බලාපොරොත්තු වන අයට නැවුම් සිහිකැඳවීමක් නිකුත් කෙරෙනු ඇති බවද එම පුවත් වාර්තාවේ දැක්වේ.