දිනසේන රතුගමගේ –
ශ්‍රී ලංකාවේ 76 වෙනි නිදහස් දිනය දෙමළ ඊලාම් ජනතාවගේ ශෝක දිනයක් ලෙස සලකා එදිනට උතුරු නැගෙනහිර ප්‍රදේශ පුරා කලු කොඩි ඔසවන ලෙස ජාතිවාදි දෙමළ පක්ෂවලින් ද අනුග්‍රහය ලබන සිවිල් ක්‍රියාකාරි එකමුතුවක් වූ දෙමළ ජාතික ජනතා ව්‍යාපාරය ඊයේ ( 28) සියළුම දෙමළ ජනතාවගෙන් ඉල්ලීමක් කොට තිබේ.
උතුරු නැගෙනහිර පළාත්වල සියලුම වෙළඳසැල් එදිනට වසා දමා පෙලපාලි යමින් දෙමළ ජනතාව වෙනුවෙන් මෙතෙක් කිසිදු රජයක් කිසිම කැප කිරීමක් නොකිරීමට එරෙහිව විරෝධය පල කරන ලෙසද එම සංවිධානය දෙමළ ජනතාවට දැනුම් දී ඇත.
සිය සංවිධානයේ නියෝජිතයින් හරහා දැනට සිදු කොට ඇති එම ඉල්ලීම හා එදින දෙමළ ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අත් පත්‍රිකාවක් මේ සතිය ඇතුළත දෙමළ ජනතාව අතට පත් කරන බවද දෙමළ ජාතික ජනතා ව්‍යාපාරය ප්‍රකාශ කර ඇත.
දෙමළ ජාතික ජනතා ව්‍යාපාරය විසින් ගෙන ඇති මෙම තීරණය සාර්ථක කර ගැනීම සඳහා උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක සියලුම දෙමළ ස්වේච්ඡා සංවිධාන වල සහය තමන් වෙත ලබා දෙන ලෙසද සිය නියෝජිතයින් හරහා ඉලීමක් කොට තිබේ.
ඔවුන්ගේ එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමේ ඥාති සංවිධාන උතුරු නැගෙනහිර මෙම විරෝධයට නිදහස් දිනයේදී එක්වන බව දැනුම් දී තිබේ.







