කීර්ති ප්‍රනාන්දු –
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින එම දේවස්ථානේ සන්ක්‍රිස්ටීයන් වරයාගේ සුවදුක් බැලීම සඳහා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද. (04) පෙරවරුවේ හදිසියේම කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණියේය.
උන්වහන්සේ අපරාධ කොට්ඨාසයට පැමිණ එහි රඳවා ගෙන සිටින සන්ක්‍රිස්ටීයන් වරයා වන ප්‍රැන්සිස් මුනින්ද්‍රන් ( මුනි) සමඟ විනාඩි කිහිපයක් කතා කර ඔහුගේ සුව දුක් විමසා බැලූ බව රදගුරු තුමන් ගේ මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ලංකාසරට පැවසීය.
ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා වැඩිදුරටත් පැවසුවේ එළඹෙන 09 වෙනි දින සන්ක්‍රිස්ටීයන්වරයව නිදහස් කරනු ඇති බව පොලිසිය පැවසූ බවත් එය ඒ ආකාරයෙන් ම සිදු වේ යැයි කියා විශ්වාස කරන බවයි.
එසේම බෝම්බය සොයා දුන්නු මනුස්සයාව හිරකරගෙන සිටීම පිළිබඳ කාදිනල්වරයා සිටින්නේ දැඩි කනස්සල්ලෙන් බවද පියතුමා වැඩිදුරටත් කීවේය.
සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බොම්බ තැබීම සම්බන්ධ සිද්ධියේ පරීක්ෂණ නිසි පරිදි සිදු නොවීමටත්, දෙවස්ථානයේ සන්ක්‍රිස්ටියන්වරයා අතාර්කිකව රඳවා තබා ගැනීමටත් ප්‍රතිචාර දක්වමින් මීට පෙර සෑම නිදහස් දිනයකම කාදිනල්වරයා විසින් සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ ජාතික වශයෙන් පැවැත්වූ දිව්‍ය පූජාව අවලංගු කර තිබිණි.







