දිනසේන රතුගමගේ –
78 වෙනි ජාතික නිදහස් දිනය සැමරෙන දා උතුරු -නැගෙනහිර ප්‍රදේශ වල ශෝක දිනයක් සමරණ ලෙස යාපනය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඉල්ලීමක් කොට තිබුණි.
ඒ අනුව කිළිනොච්චියේ සියලුම වෙළද සැල් වසා දමා තැනින් තැන කලු කොඩි දමා තිබුණි.
කන්දසාමි කෝවිලට ඉදිරිපිටට කලු ඇදුමින් සැරසුණු පිරිස් පැමිණ හිසේ කලුපටි පැළඳගෙන විවිධ සටන් පාඨ කියමින් කිළිනොච්චිය නගරයේ පෙළපාලි ගිය අතර දෙමළ ජාතික සන්ධානයේ නායක එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයාද තවත් දෙමළ දේශපාලනඥයින් කීප දෙනෙකුද ඒ අතර වූහ.
නමුත් වවුනියාවේ එක්සත් වෙළද සංගමය 78 වෙනි ජාතික නිදහස් දිනය සමරමින් වවුනියාව නගරයේ අලංකාර නැටුම් ගැයුම් වැයුම් වලින් සමන්විත පෙළපාලියක් සංවිධානය කොට තිබූ අතර ඊට විශාල පිරිසක් සහභාගී වී සිටියහ.









