කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම්ලා තිබියදි ගිනි ගැනීමට ලක්වූ රසායනික ද්‍රව්‍ය පිරි MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව යළි ගිනිගෙන ඇතැයි වාර්තාවේ.
නාවික හමුදාව අඛණ්ඩව ගිනි නිවීමේ මෙහෙයුම දියත්කර ඇති නමුත් රසායනද්‍රව්‍ය පිරවූ මෙම නැවේ ගින්න පාලනය කිරීම සඳහා උපදෙස් ලබා ගැනීමට නෙදර්ලන්තයේ සිට විශේෂඥ කණ්ඩායමක් දිවයිනට පැමිණිමට නියමිත බව වාර්තා වේ.
නෞකාව මත ඇති බහාලුම් වලට ඉහලින් විටින් විට ගිනි දළු නිරික්ෂණය වන බවත් . ගින්න නිවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව ප්‍රකාශ කරයි.
මේ වන විට වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රාවන් 03ක් මගින් ගින්න ඇති වූ බහාලුම් අවට උෂ්ණත්වය පාලනය කිරීම සඳහා සිසිලන ක්‍රියාවලිය සිදු කරමින් ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
ගින්න පාලනය කිරීමේ මෙහෙයුමට සහය වීම සඳහා නාවික හමුදාවේ සිඳුරළ නෞකාව සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ තවදුරටත් ස්ථානගත කර . ඕනෑම හදිසි තත්ත්වයකදී ක්ෂණිකව ක්‍රීයාත්මක වීම සඳහා ටග් යාත්‍රාවක් ද සූදානම් කර ඇතැයි නාවික හමුදාව කියයි.
මේ අතර ගිනි ගැනීමට ලක් වූ එම නෞකාවෙන් පරිසරයට හානියක් සිදුව ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත්කර යවා ඇතැයි සමුද්‍රීය පරිසර අධිකාරියේ සමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසයි.