ලලිත් චාමින්ද –
නෞකාවන් ට සේවා සපයන පුද්ගලික ආයතනයක් විසින් නෞකාවකට ලබා දීම සඳහා රැගෙන ගිය ගිනි අවි 14ක් උණ්ඩ 2400ක් හා ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් මුහුදට වැටිඅතුරුදහන් වී ඇති බැව් ගාල්ල වරාය පොලීසිය පවසයි .
ගාල්ල වරායේ සිට නාවික සැතපුම් හයක් පමණ දුරදි ගිනි අවි ඇතුළු උණ්ඩ මුහුදට වැටී ඇති බව කියැවේ. අදාල නෞකා සේවා සපයන පුද්ගලික ආයතනය විසින් ගාල්ල වරායේ සිට බෝට්ටුවක් මගින් මුහුදු ආරක්ෂකයින්ට ලබා දීම සඳහා මෙම ගිනි අවි ඇතුළු උපකරණ රැගෙන ගොස් ඇත.
බෝට්ටුවේ සිට නෞකාවට දැලක් මගින් ගිනි අවි ඇතුළු උපකරණ ලබාදීමට යාමේදී මේවා මුහුදට වැටි අතුරුදන් වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. මුහුදු ආරක්ෂකයින්ට ලබාදීම සඳහා ගිනි අවි හතළිහක් බෝට්ටුවෙන් රැගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ගාල්ල වරාය පොලීසිය පරීක්ෂණ පවත්වයි.