හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගනෙ ඇත.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් 2006වසරේ අතුරුදන් වීම සම්බන්ධව යට ගසා තිබූ විමර්ශන නව රජය යටතේ යළි ආරම්භ කිරීමත් සමගම එම විමර්ශනවලට අදාලව පසුගිය 08 වැනිදා පිල්ලෙයාන් අත් අඩංගුවට ගැනුනි.
2006 දෙසැම්බර් 15 වැනිදා කොළඹ – 07, විද්‍යා මන්දිරයේ පිහිටි සම්මන්ත්‍රණයකින් පසු පිටව එද්දී අධිආරක්ෂිත කලාපය තුළදී මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම්ගේ අතුරුදන් වීම සිදුවිය.

මහාචාර්ය රවීන්ද්‍රනාත්ට දිගින් දිගටම එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහුට කොළඹ සිට සිය රාජකාරි කටයුතු සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබිණි.
ඒ අතරතුර ඔහු ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සම්මන්ත්‍රණයකට සහභාගි වී තිබූ අතර 2006. දෙසැම්බර් මස 15 වැනිදා එම සම්මන්ත්‍රණයට නිමා වී පිටවී ගිය අවස්ථාවේ සිට මහාචාර්යවරයා ගැන තොරතුරක් නොවීය.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විමර්ශන අංශවලට උපදෙස් ලබාදුන් ලැයිස්තුවේ මහාචාර්ය රවීන්ද්‍රනාත්ගේ අතුරුදන් වීම ද විය. රැඳවුම් නියෝග ලබාගෙන පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්න කරන්නේ මේ සාහසික අපරාධය පිළිබදවය. ඔහු මේ අතුරුදහන් කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරුවා ලෙස චෝදනා එල්ල වී තිබිණි.







