මනම්පිටිය නිමල් ජයරත්න –
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් නැගෙනහිර මුහුදු තීරයේ කායන්කර්නි මුහුදු තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් අද (16) ක්‍රියාත්මක කළහ.
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ ස්ථානගතව ඇති 22, 23, සහ 24 යන සේනාංකවල භට පිරිස් මෙන්ම සිවිල් සංවිධාන මෙන්ම ප්‍රදේශවාසීන් මෙම ශ්‍රමදානය සඳහා සහභාගී වී සිටියහ.

නැගෙනහිර ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් රවී පතිරවිතාන, සේනාංකාධිපතිවරුන් ඇතුළු, හමුදාවේ ජේෂ්ඨ නිළධාරීන් රැසක්ද මෙම වැඩසටහනට එක්ව සිටියහ.







